IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


මුජුබුර්ගේ තුන් බිය කතාවට ජනපති උත්තරයක් දෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මරික්කාර් බිය ,හිරුණිකා බිය,රෝසි බිය  තිබුනත් එය තුන් බිය නො වේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කී කතාවකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් මුජුබුර් රහුමාන් මහතා පැවසූයේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තුන්බිය වැළඳී ඇති බවයි.

එම කතාවට පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දෙමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

ජනාධිපතිතුමා ගේ සිතේ තුන්බිය ඇති වී ඇතැයි මුජුබුර් රහුමාන් මහතා පැවසුවා.තුන්බිය  පුද්ගලයෙකුට හැදෙන්න බෑ.තුන්බිය ඇති වුණේ විශාලා මහනුවර. එය ජනතාවට ඇතිවුණු දෙයක්.රෝග බිය  මරණ බිය ,අමනුෂ්‍ය බිය, එය ජන සමූහයකට ඇතිවෙන්න පුළුවන්. එතුමාට එය පැහැදිලි කර ගන්න  රතන සූත්‍රය ට ඇහුම්කන් දෙන්න.

කිසිවිටෙක පුද්ගලයෙක්ට තුන් බිය හැදෙන්නේ නැහැ '



අදහස් (3)

මුජුබුර්ගේ තුන් බිය කතාවට ජනපති උත්තරයක් දෙයි

sharm warn Thursday, 24 November 2022 01:18 PM

රෝසි බිය? අපෝ මෙයා එයාටත් බයෙන්ද ඉඳලා තියෙන්නේ? අවුරුදු 40 ක් දියවන්නාවේ පොල්ගෑවද? රටට කරපු සත පහක දෙයක් තියෙනවද?

:       3       2

තුන් බිය Thursday, 24 November 2022 02:03 PM

තුන් බිය මෙසේය අට පාස් ලමයිනේ...... කොටි බිය.... පාස්කු බිය.... ඩොලර් බිය...

:       1       2

Perera Thursday, 24 November 2022 03:24 PM

වටේ ඉන්න ආරක්ෂකයෝ නැතුව තනියෙන් පාරකට බැහැලා බලන්න තුන් බියේ ආතල් එක කොහොමද කියලා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site