(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.

එම තරගාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණි විභාග කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව චාමික චෝදනාවලට වැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී ඇති බවත් විධායක කමිටුව මෙම දඩුවම පැනවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.