(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බව කී රත්නායක මහතා එහිදී හිටපු අමාත්‍යවරයා විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ද සඳහන් කළේය.
මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේ ද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම පන්නන්නේ නැතුව මේ රට හදනවා බොරු. හොරු, හොරු දේශපාලකයෝ කියන්නේ පුදුම හොරු, වංචා කාරයෝ. මේවාට විසඳුමක් කවදා ලැබෙයිද.ග්‍රාමසේවක ඉඳලා හොරු. මේ සේරම සුද්ද කරන්න පුළුවන් දේශපාලකයෙක් මේ රටේ ඉන්නවද.
දැනුත් විදුලිය කපනවා දිනකට පැය 2 1/2 පමණ. මොන මළඉලව්වට කපනවාද දන්නේ නැහැ. කපන වෙලාවක් නැහැ. ආපසු එන වෙලාවක් නැහැ. මිනිස්සු ඔක්කොම වැඩ නවත්තගෙන ඉන්න ඕන. විදුලි උපකරණ ඔක්කොම නරක් වෙනවා. මේක නම් බල්ලට ගිය රටක්.
පරීක්ෂණ තියාවිද කියලා අපිට ලංකාදීපෙන් බලාගන්න පුළුවන්
මේ ජනකව එලවන්න ඕනි. ගෝඨා වගේමයි.
මීටරය ළගින්ම කපන්නෙ නැතුව කණුවෙන් කපන්න බැරිද සභාපතිතුමා කොතරම් විදුලිය බිල් වැඩිවුනත් මණ්ඩලය හැමදාම දුවන්නෙ පාඩුවට නේද එහෙම වෙන්නෙ මණ්ඩලයේ අයත් දේශපාලුවො සියලු දෙනාත් බිල් ගෙවන්නේම නැද්ද බලන්නත් බැරිද.?
2022 ඔක්තෝබර් මාසයේදී දොස්තර වසන්තා ජයසූරිය මහත්මිය මුදල් ගෙවූ රිසිට්පතක් මව් රට පුවත්පත පලකර තියෙනවා එහෙම ගෙවා තිබුනා නම් මණ්ඩලයේ අයගේ නොසැලකිල්ල වෙනුවෙන් ඔවුන්ට දඩුවමක් නැද්ද අයිතිකාරයෝ ගෙව්වා කියද්දී පැමිණිලි කිරීමෙන් හිටපු ඇමතිට සිදුවූ අපහාසයට මණ්ඩලය හෝ මහජන උපයෝගිතා කොමිසම වන්දියක් ගෙවන්නේද කියන්න.
මෙයාගේ පරීක්ෂණ පිළිබඳව අපි නොදන්නව යැයි. මෙයට මාස ගාණකට පෙර දිවයින පුරා විදුලිය බිඳවැටීම විදුලි ඉංජිනේරුවන්ගේ කඩාකප්පල් වැඩක් කියා පරීක්ෂණ ඇරඹුවා. මොනවද මේ පරීක්ෂණ වලට සිද්ධ වුණේ. නිකම් බිරුව විතරයි.