(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23) ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ලෝක බොරතෙල් වෙළඳපොලේ ඊයේ (23) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 2.95 කින් සියයට 3.3 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 85.41 ලෙස සටහන් වූ බවත් අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 3.01 කින් සියයට 3.7 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 77.94 ලෙස සටහන් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 85.28 ලෙස අද(24) උදෑසන 9.46 වන විට සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 77.91 ලෙස සටහන් විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රුසියානු බොරතෙල් මිලට ජී7න් සීමා
ganegoda Thursday, 24 November 2022 11:01 AM
වාහනවලට ගහන්න ඉන්ධන නැති නිසා දැනටමත් යුරෝපා රටවල බුරුවන් පිටේ යන්න පුරුදුකරනවා.