(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බත්තරමුල්ල ප්‍රදේශය පදිංචි (34) හැවිරිදි පුද්ගලයෙකි.
ජුනි මස 09 දින සැකකරු ඇතුළු කණ්ඩායමක් අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළවලට හානි කර ඇති බව පොලිසිය කියයි..
මේ සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා විමර්ශනයේ දී මෙම සැකකරු ඊයේ (23) හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුව හොරකම් කරපු අය, පාස්කු දවසේ පල්ලියේ හිටපු අහිංසක මිනිස්සු මරපු අය, වැරදි ආර්ථික තීරණ අරන් රටම විනාශ කරපු අය, අල්ලන්න එපා.