(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය.
හමුදාවෙි සිටින ගොවි කම්කරුවන්ගේ දූ පුතුන් අතට තුවක්කුව දී බඩගින්නේ ඉන්න ජනතාවගේ ඔළුවට තියෙනැයි කීම සාධාරණ දැයි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රශ්න කළේය.
හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී භයානක ප්‍රකාශයක් කළා. මිනිස්සු අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස්සොත් හදිසි නීතිය දමා හමුදාව යොදා ඒ අය මර්දනය කරන බව කිව්වා. එය මේ රටේ සමස්ත ජනතාවට කළ අපහාසයක්.මෙවැනි ප්‍රකාශයක් නොකළ යුතු බව අපේ හැඟීමයි. ජනතාව ආපු ගමන් හිට්ලර්ලාට ලංකාව වගේ රටක අවස්ථාව ලැබෙන්නේ නෑ. ගෝඨාභය පන්නා දැමුවේ ජනතාවට තිබූ ප්‍රශ්න නිසා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පුහාමි මහත්තයෝ, ඔයා වලිගෙ පාගගෙන. ජනාධිපති කියපු කථාව අපිටනම් හරියට ඇහුනා.
ඔය හිට්ලර් වෙන්ට දඟලන්නේ බීන්ටත් වඩා නෝන්ඩි පොරක්. මිනිහා හිට්ලර් කියලා කියෝ ගන්න හදන්නේ. මොන පිස්සු ද? මීයෙක් රාබීලා වගේ කළ ගොන් කතාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එයාගේ හෙංචයියෝ විතරක් ඒකට පොඩි හුරේ පාරක් දැම්මා. එක වල්ලේ පොල්නේ.
ප්‍රේමදාසගේ ජේ ආර් ගේ කාලේ කොහෙද මේ ගොයියා හිටියේ? පුදුම නැහැ මෙයා පාර්ලිමේන්තුවට ආවේ 2015 දී. හලෝ රටේ දේශපාලන ඉතිහාසය ඉගෙගෙන පාර්ලිමේන්තු එනවා.