(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය.
හමුදාවෙි සිටින ගොවි කම්කරුවන්ගේ දූ පුතුන් අතට තුවක්කුව දී බඩගින්නේ ඉන්න ජනතාවගේ ඔළුවට තියෙනැයි කීම සාධාරණ දැයි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රශ්න කළේය.
හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී භයානක ප්‍රකාශයක් කළා. මිනිස්සු අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස්සොත් හදිසි නීතිය දමා හමුදාව යොදා ඒ අය මර්දනය කරන බව කිව්වා. එය මේ රටේ සමස්ත ජනතාවට කළ අපහාසයක්.මෙවැනි ප්‍රකාශයක් නොකළ යුතු බව අපේ හැඟීමයි. ජනතාව ආපු ගමන් හිට්ලර්ලාට ලංකාව වගේ රටක අවස්ථාව ලැබෙන්නේ නෑ. ගෝඨාභය පන්නා දැමුවේ ජනතාවට තිබූ ප්‍රශ්න නිසා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංකාවෙ හිට්ලර්ලට අවස්ථාව නෑ
Roshan Thursday, 24 November 2022 11:10 AM
අප්පුහාමි මහත්තයෝ, ඔයා වලිගෙ පාගගෙන. ජනාධිපති කියපු කථාව අපිටනම් හරියට ඇහුනා.
sam Thursday, 24 November 2022 12:58 PM
ඔය හිට්ලර් වෙන්ට දඟලන්නේ බීන්ටත් වඩා නෝන්ඩි පොරක්. මිනිහා හිට්ලර් කියලා කියෝ ගන්න හදන්නේ. මොන පිස්සු ද? මීයෙක් රාබීලා වගේ කළ ගොන් කතාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එයාගේ හෙංචයියෝ විතරක් ඒකට පොඩි හුරේ පාරක් දැම්මා. එක වල්ලේ පොල්නේ.
Bamunuarachchi Friday, 25 November 2022 07:11 AM
ප්‍රේමදාසගේ ජේ ආර් ගේ කාලේ කොහෙද මේ ගොයියා හිටියේ? පුදුම නැහැ මෙයා පාර්ලිමේන්තුවට ආවේ 2015 දී. හලෝ රටේ දේශපාලන ඉතිහාසය ඉගෙගෙන පාර්ලිමේන්තු එනවා.