
(අංජුල මහික වීරරත්න)
රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීම බව කී ජනාධිපතිවරයා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක වෙලා ඉවරයි.
බැංකු ශක්තිමත් කිරීම බැංකු හොරුන්ම භාරගත්ත එක තමයි පුදුමේ.
රවී කරුණානායක මහත්තයව කාලෙකින් දැක්කේ, රනිල් මහත්තයා ළඟටම වෙලා ඉන්න එක හොඳයි,
රට දැනටමත් හිඟාකනවා, ඔබතුමා ඒක තවම දන්නේ නැහැ.
අනේ ඉතින් ලලිත් ඇතුලත්මුදලි මහත්තයා හිටියානම් මේ රට මොන තරම් දියුණු වෙන්න තිබුනද.?
අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. හිඟන රටක් කරලා ඉවරයි.
අමුතුවෙන් කරන්න දෙයක් තියෙනවද තව.?
අන්න වසන්ත මුදලිගේ එනවෝ….. මාලදිවයිනට දුවපියෝ….
හිට්ලර්කාරයාව මේකා දැකලා තියනවද? හූ හූ හූ.. අනේ මිස්ටර් බීන්.
දැනටමත් හිඟා කන රටක් තමයි. හැබැයි මෙහම හිඟා කන එක නවත්තන්න මෙයා ළඟ කිසිම වැඩ පිළිවලක්, හෝ සැලැස්මක් හෝ හැකියාවක් නැත. හැබැයි මෙයා ඩොලර් සොයනවා කියමින් ලාබ ලැබන රටේ සම්පත් ටික විකුනන්න නම් දන්නවා.
ලොකුම හොරෙක් ලඟ තියාගෙන කියන කතා. විහිළු නේද කරන්නේ? මහේන්ද්‍රන් මල්ලිත් හිටියනම් රජ හොරු 3 දෙනෙක්.
දැනටමත් සිදුවෙලා ඉවරයි.
ආයේ කරන්න දෙයක් නැහැ. දැනටමත් අපූරුවට ඔය හිඟා කන්නේ ලෝකෙ වටේ ගිහින්.
ලංකාව හිඟන රටක් වෙලා ඉවරයි. උබතුමා තවත් වලපල්ලට දාන්නෙනැතුව තොලොංචි වෙලා ගියානම් හොඳයි.
ලංකාවෙ එදා මෙදා තුර බිහිවෙච්ච කම්බම හොරෙක් දකුනු අතේ. බැරිද ඕකට කියලා ලෝක බැංකුව හොරාකන්න?
තමාව මංකොල්ලාකාපු, මරවපු එවුන්ම මෙහෙම කරද්දි ඇතුලත්මුදලි මහත්තයා කොහෙන් හිනාවෙනවා ඇතිද?