(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාඩු ලබනවා යැයි කියන ලිට්‍රෝ ගෑස් සමාගම මීට දෙදිනකට පෙර රුපියල් ලක්ෂ ගණනාවක් වැය කොට වෝටර්ස් එජ් හෝටලයේ විශාල පාටියක් දමා ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම ගෙනා බාල ගෑස් නිසා වූ පිපිරීම් වලින් මියගිය සහ තුවාල ලැබූ ජනතාවට කිසිම වන්දියක් මෙතෙක් ලබා දී නැති බව කී මුජුබුර් රහුමාන් මහතා එවන් තත්ත්වයක් යටතේ සුපිරි හෝටල්වල පාටි දැමීම ගැන කිව හැක්කේ කුමක්දැයි විමසීය.
ලිට්‍රෝඩ සමාගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිබෙන ආයතනයක් බව කී මුජිබුර් රහුමාන් මහතා ජනතාවට ඉවසන්නැයි කියමින් මේ කරන සෙල්ලම කුමක්දැයි ප්‍රශ්න කළේය.
බැසිල් රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ ඔහු පිළි ගන්නට පැමිණි පිරිසේ තේ බිල ගෙවා ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකායෙන් බව කී මුජුබුර් රහුමාන් මහතා එම තේ බිල වන රුපියල් හැට දහසක් වත් ගෙවා ගන්නට බැසිල් රාජපක්ෂට බැරි ඇයි දැයි විමසීය.
මෙලෙස ජනතා මුදල් අවභාවිතා කරන්නේ ඇයිදැයි විමසූ මුජිබර් රහුමාන් මහතා ජනපති නොයෙක් දේ දොඩවන්නේ නැතිව මෙවැනි දේවල් නතර කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාඩු යැයි කියන ලිට්‍රෝ ලක්ෂ ගානක පාටියක් දාලා
Demuni Uduwara Saturday, 26 November 2022 04:53 AM
President is compelled to mute, habitually !
janaka Saturday, 26 November 2022 08:04 AM
පාස්කු වන්දි දුන්නාද? නුඹලා පාර්ලිමේන්තුවේ කන කෑම අපි දන්නවා...