IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එම්.ඕ.පීවලට ලුණු කලවම් කරන ජාවාරමක් අල්ලයි

(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)

ලුණු ලේවායෙන් ඉවත දමන ලුණු එම්.ඕ.පී. රතුකුඩුවලට කලවම් කර ප්‍රමිතියෙන් තොර බාල පොහොර සකස් කරමින් සිටි පුද්ගලයෝ හය දෙනෙක්  තිරුක්කෝවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි අත් අඩංගුවට ගනු ලැබූහ.

අක්කරපත්තුව යුද හමුදා කදවුරේ බුද්ධී අංශ නිලධාරීන්ගේ ආවේශන රාජකාරි මත තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාට ලබා දුන් තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත. 

ඒ අනුව නින්දවූර් ප්‍රදේශයේ අතහැරදමා ඇති සහල් මෝලක් තුළ රජයේ පොහොරවලට ලුණු කලවම් කරමින් ඒවා නැවත එම කවරවලට පුරවමින් සිටි පුද්ගලයන් සැකපිට අත් අඩංගුවට ගැනීමට හැකි විය.

ටොන් 40 කට ආසන්න ප්‍රමාණයකට මෙසේ ලුණූ කලවම් කිරීමට පියවර ගෙන තිබිණි. 

වැඩි දුර විමර්ශන සඳහා මෙම නඩු භාණ්ඩ සහිත එම ගබඩාවට මුද්‍රාතබා ඇති අතර,   සැක කරුවන් නින්දවූර් පොලීසිය පාරයට පත් කර ඇත. 



අදහස් (0)

එම්.ඕ.පීවලට ලුණු කලවම් කරන ජාවාරමක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site