
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන අත පෙවීම් තිබේදැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් විමසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පැවැති හමුවකදී ඇය එසේ විමසා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්හි ක්‍රියාකලාපය පිළිබඳව සහ විශේෂයෙන්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා දේශපාලන අත පෙවීම් සිදුවේද? නැද්ද ? යන්න පිළිබඳ තානාපතිවරිය අමාත්‍යවරයාගෙන් විමසා තිබේ.
මෙරට ඇතැම් ක්‍රීඩා සංගම් විවිධ විෂමාචාරී ක්‍රියාවල නිරත වී පසුව ජාත්‍යන්තර සංගම්වලට හේතු දැක්වීමේදී දේශපාලන අතපෙවීම් හේතු ලෙස දක්වන බවත්, එය ව්‍යාජ කාරණයක් බවත් අමාත්‍යවරයා එහිදී තානාපති තුමියට පැහැදිලි කර තිබේ.
එවැනි ගැටලු සහගත තත්ත්වයකදී ඒවා නිරාකරණය කිරීමට මෙන්ම, උපදෙස් ලබාදීමට ද ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඇති අයිතිය හා හැකියාව පිළිබඳව තානාපතිවරිය ඇගයීමට ලක්කළ බව ද ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය ටිරාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩාවට ඇති දේශපාලන බලපෑම් ගැන චන්ග් විමසයි
Senarath Friday, 25 November 2022 01:21 PM
ඉස්සෙල්ලාම එයාගේ සහ එයාගේ රටේ ඇඟිලි ගැසීම් නවත්තන්න කියන්න. එයා කවුද අපේ රටේ දේවල් ගැන කතාකරන්න. ලෝකයේ තියෙන එපාම කරපු තුච්ච වැඩ කරන රටක තානාපති වෙලා ඇවිදින් දැන් හරිම සුදනෝ වගේ කතාව... රටවල් නම් කීයක් නැති කළාද?
sunil Friday, 25 November 2022 01:55 PM
ගරු මැතිණියනි, ඔබතුමිය හොඳාකාරවම දන්නවා ඇති, ලංකාවේ හැම දේටම අනවශ්‍ය දේශපාලන බලපෑම් තිබෙනවා. අනෙක මේ පිළිබඳව ඇමැතිගෙන් විමසීම හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ ක්‍රියාවක්...
බැබිලෝනියා Friday, 25 November 2022 02:25 PM
අපේ අනුර අයියාගෙන් ඔය ප්‍රශ්නේ අහන්න තිබුණේ...!