(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව ජනමාධ්‍ය නිදහස අතින් වසරක් ඇතුළත රටවල් 19කින් පල්ලම් බැස ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ වල වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් කරුණාතිලක මහතා මේ බව කීය.
2015 වසරේ රට බාර ගන්නා විට මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ රටවල් 180ක් අතරින් ලංකාව සිටියේ 165 වන ස්ථානයේ බවද මංගල සමරවීර මහතාත් තමාත් ජනමාධ්‍ය බාරගෙන කටයුතු කළ යුගයේ මාධ්‍ය නිදහස පැත්තෙන් 126 දක්වා ඉහළ නගින්නට අපට හැකියාව ලැබුණ බවද දැන් නැවතත් එය 145 දක්වා පහලට පැමිණ තිබෙන්නේ යැයිද ගයන්ත කරුණාතිලක මහතා කීය.
COMMENTS
ඔව් , පත්තර වැඩකරන්නෙ පගාවට ! හොදින් ජීවත්වෙන්න පුලුවන්