(යොහාන් භාසුර)
විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට දුන් සහනය මේ වන විට ක්රියාත්මක වන බවත් එය ආගමික ස්ථානවලට පොදුවේ ලැබෙන සහනයක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය.
කිසිඳු ආගමික ස්ථානයක් නම් කර සහන ලබාදෙන්නේ යැයි තමන් ප්රකාශ කර නොමැති බව කී රත්නායක මහතා කවුරු කුමන ප්රකාශ කළ ද ආගමික ස්ථානවලට සහන මේ වන විට ලැබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්, අහිංසක කම්කරුවන්ගෙන් කඩාවඩාගෙන.... කොහෙවත් ඉන්න අයට දෙනවා...!
මෙයා තමන්ගේ බලතල ගැනවත් දන්නේ නැහැ වගේ...
පාලකයෝයි, පූජකයොයි එකම අත්තක වහලා ඉන්න කුරුල්ලෝ...
සභාපතිතුමා එම ස්ථාන සඳහා අඩු වියදමින් විදුලිය නිපදවන තැන්වලින් අපිටත් විදුලිය දෙන්නකෝ... ඇයි අපිට විතරක් වැඩිමිලට නිපදවන තැන්වලින් දෙන්නේ...? ඒකට නේද කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ..?
මහජන බදු මුදල් වලින් මේ සහන දෙන එක වැරැදියි. ලාබෙට දුන්නාම කිසිඳු අරපරිස්සමක් නැතුව ආගමික ස්ථානවල විදුලිය පාවිච්චි කරනවා...!
ගෙනාපු දෙයක්වත් තමන්ගේ බූදලයක් වත් නෙමෙයිනේ !ඔන්න ඕනේ බෙදලා දාපල්ලා
පන්සල් පල්ලි තමා අද වැඩිම ආදායමක් උපයන්නෙ. ඔට්ටු අල්ලනව කෝටි පනහක් තව තෙමේ කෙනෙක් ෂෙඩ් එකක් ගන්න උපාසිකාවකට කෝටි හතරක් දීල කොහෙන්ද මේ සල්ලි. එහෙව් තැනට සහන දීල එදා වේල කන්න නැති මිනිහට තව බර පටෝනව. පූජකයො සහ පාලකයො ගහට පොත්ත වගෙ.
දැන් ඉතිං ලවුඩ්ස්පීකර් - බෆල් කන් පැලෙන්න දමාවි
ආගමික ස්ථාන අධිපතිලාට හොදටම කේන්ති ගිහින් කියලා ඩිස්ලයික් වලින් පේනවා පංසල් පැත්තෙන් බලනවිට හතරවැනි සිල් පදයත් ඉවරයි ඉතින් ඒ උතුමන්ලා ජනතාවට පංසිල් කියලා දෙන්නෙ තමන්ලා ළග නැති දෙයක් ඒක හරියට මුදල් අච්චුගහල බෙදීම වගෙයි නේද
අපට රාත්රියට නිදාගන්න නැහැ උදේ 4 වෙනකොට ලවුඩ්ස්පිකර් දමාගෙන මහා ඝෝෂාව, විදුලිබිල වැඩි වුන නිසා පසුගිය කාලේ වහලා දමලා තිබුනා.
ආගම පුද්ගලික දෙයක් නිසා සියලු වියදම් ආගම අදහන අය දැරිය යුතුයි. එම වියදම් මහජනයා මත පැටවීම අසාධාරණයි. අනික රජයකට ආගමක් කුමටද?