සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්

පානදුර, පින්වත්ත පදිංචි තරුණ යුවළක් දුරදිග ගොස් පහර කෑමට ලක් වූ බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැමියාට  රෝහලේ දී කතුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.  

සැමියාගේ පහරකෑමට ලක් වූ බිරිය සහ පහරදුන් බව කියන සැමිය රෝහලේ මූලික ප්‍රතිකාර අංශයේ සිටියදී ඔවුන්ගේ ආරවුල පිළිබද  කනවැටුණු කාන්තාවගේ වැඩිමහල් සොහොයුරා රෝහලට පැමිණ ඇත.

සිය නැගණියට පහරදීම සම්බන්ධයෙන් උරණවූ සැකකරු රෝහලේ තිබූ කතුරක් ගෙන මස්සිනාගේ උදරයට සහ පිට ප්‍රදේශයට වැරෙන් පහරදී තිබේ.

පැවතී ආරවුල රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ගැටුම පාලනය කර ඇතැයි පොලිසිය පවසයි .