(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම හෙට සහ අනිද්දා (28 සහ 29) දෙදින ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවත් ඉරිදා දිනවල කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන බවත් කිසිඳු ගෑස් හිඟයක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
ගෑස් මෙටි්‍රක්ටොන් 4000 ක් රැගත් නෞකාවක් ලබන බඳාදා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කියන ලිට්‍රෝ සමාගම උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි යම් වැඩිවීමක් දැකිය හැකි බව ද කීය.
රට තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල තරමක පෝලිම් ද දැකිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ සභාපති රට බූරුවෙක්... සති දෙකකට පමණ පෙර ප්‍රකාශ කළා සෑම ගෑස් අලෙවි සැලකම ඕනෑම ප්‍රමාණයේ සිලින්ඩරයක් ඇතිතරම් තිබේ කියලා... එසේ කියා සතියක් ගතවූයේ නැහැ. නැවතත් ගෑස් හිඟයි..
ගෑස් හිඟයක් රටේ තිබෙනවා, සභාපති කයිවාරු නවත්වලා මේවා ගැන සොයා බලන්න.