(පැතුම් දර්ශන)
ඇටවීරගොල්ලෑව,නාගිරි කන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයකු පැලෙන් ගිනි ගොඩකට වැටි එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ඇටවීරගොල්ලෑව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ 11/ඒ, අලුත්ගම,දොරගමුව,නුවර යන ලිපිනයේ පදිංචිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ මල්ලව බංඩාර නැමැති හැටදෙහැවිරිදි එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයාගේ දියණිය ඇටවීරගොල්ලෑව ප්‍රදේශයෙන් විවාහ වී ඇති බවත් එමනිසා ඔහු තාවකාලිකව දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි.
ඒ අතරතුර දියණියගේ හේනක පැල් රැකීමද සිදු කර ඇති මරණකරු සුපුරුදු පරිදි පැල් රකින්නට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත. පැලෙන් බිමට බැසීමට යාමේදී පය ලිස්සාගොස් ගිනි ගොඩට වැටී ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd