(සුජිත් හේවාජුලිගේ )
විවිධ අධ්‍යයන සහ පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය 2021 වසරේදී විදේශයන්ට යැවූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු නැවත සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අනිවාර්ය සේවා කාලයක් සේවය කිරීම සඳහා එළැඹී ගිවිසුම කඩ කිරීම නිසා එම නිලධාරින්ගෙන් දඩ මුදල් වශයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට වැඩි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් එම මුදල අයකර ගෙන නැතැයිද එහි දැක්වේ.
මේ අනුව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කර එම මුදල් අයකර ගන්නැයි විගණන කාර්යාලය එම ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් අයකර ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. උත්සාහය සදාකල්ම පවතියි.
මහජන මුදල් වලින් පුහුණු වලට ගොස් පලා යන රජයේ නිලධාරීන්ගෙන් දඩමුදල් අයකරගැනීම පමණක් ප්‍රමාණවත් නොමැත.
ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලන ආධාරකරුවන් විය හැකිය.
වටිනාකමට සරිලන නිශ්චල දේපල ඇපයට තබාගන්නා ක්‍රමයක් ස්ථාපිත කරන්න. පමාවීම සඳහා පොලියක්ද ය විය යුතුයි.
ඔය වීසා එකෙන් හැංගිලා ඉන්න පුළුවන් වුණාට එළියට බැහැලා රැකියාවක් කරන්න මුදල් උපයන්න විදිහක් නැත. ඒ රටේ පොලිසියට අහුවෙච්චි ගමන් මේ ගොල්ලෝ ආපහු ලංකාවේ..!
මම නම් ඒ් පැනපු මිනිසුන්ගෙ පැත්තෙ. කමක් නැහැ...ඔයාල හොදින් ඉන්න ..පුලුවන් නම් මෙහෙ දුක් විදින අනිත් අයවත් ගන්න බලන්න. එකයි කරන්න පුලුවන් දේ ඔයාලට.