(විමුක්ති එස් රුද්‍රිගු)

ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත.

නොවැම්බර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 41308 ක් පැමිණ ඇති අතර ඉන් 10066 ක් රුසියානු සංචාරකයන් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

නොවැම්බර් මාසයේ පළමු වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම අතින් දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර සංචාරකයන් 7021ක් එම කාලය තුළ මෙරටට පැමිණ ඇත.

තෙවැනි ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර සංචාරකයන් 3276ක් එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.