වැස්ස වැඩි වෙන හැඩ පවතින වැසි තත්වය අද (22) තරමක් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 April 2022
සිනමා පටයකට ඊශ්‍රායලයෙන් මෙරටට ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ’’ ආරුගම්බේ ’’ නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණියහ . 22 April 2022
මංගල වෙනුවෙන් සත්‍යක්‍රියාවක් ’’අරගලය’’අපේක්ෂාවේ සත්‍ය ක්‍රියාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (21)පස්වරුවේ පැවැත්විණි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජන්ම දින නිමිත්තෙන් මෙම සත්‍යක්‍රියාව සංවිධාන කොට තිබිණි. 21 April 2022
‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. ” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙමින් පැවසීය. 21 April 2022
චීන තානාපති - විදෙස් ඇමැති හමුවක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද [21] පැවැත්විණ. 21 April 2022
පෙට්‍ර්ල් ඉල්ලා විරෝධතාකරුවන් වැසූ පාර ගම්මු අරිති මදුරන්කුලිය නගරයේ පෙට්‍ර්ල් ඉල්ලා පිරිසක් අද 21 දින විරෝධතාවයේ යෙදුණ පිරිස් මාර්ග වසා දැමිමත් සමග කෝපයට පත් වු ගම්වැසියන් පිරිසක් එයට කඩා වැදි විරෝධතාකරුවන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලබා දුන් බව මදුරන්කුලිය පොලිසිය පවසයි. 21 April 2022
රඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේ රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (22) සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට නියමිතය. 21 April 2022
පක්ෂ කීපයක කෙටුම්පත් කතානායකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සම්බන්ධයෙන් කෙටුම්පත් කතානායකවරයාට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් කළ බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 21 April 2022
ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් මග ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් මේ මස 25 සහ 27 දෙදින ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 April 2022
රක්ෂණ සභාපතිට ලිට්රෝ සමාගම බාර දෙයි ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරුවරයෙක් වන විජිත හේරත් මහතා පත්කර තිබේ. 21 April 2022
මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත 21 April 2022
හමුදාපතිගෙන් ඉල්ලීමක් යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගය මේ අභියෝගාත්මක අවස්ථාවේදී ද ලබාදෙන ලෙස ලක්වාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බව ආරක්ෂ්ක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 21 April 2022
රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාරඹුක්කන ප්‍රදේශයේ ඇති වු සිද්ධියෙන් පසු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයා ඇතුලු තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.න කියයි. 21 April 2022
පැන්ඩෝරා විමර්ශන ඇන හිටියි ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක ’’පැන්ඩෝරා පත්‍රිකා’’ පිළිබඳ විමර්ශනය ඇන හිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසයි. 21 April 2022
දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට දෙයි විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 21 April 2022
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සැපයුම නවතී ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවත් එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. 21 April 2022
ශ්‍රී ලංකන් ප්‍රධානීන් 25 වැනිදා කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සොයා බැලීම සඳහා එම ආයතනයේ ප්‍රධානීන් ලබන 25 වැනි දා සඳුදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත 21 April 2022
’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහාම නතර කරන්න ’’ගෝඨා ගෝ හෝම්’’ කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 April 2022
පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 21 April 2022
ජනාධිපති-අගමැති ධුර ලැබුණොත් සුළුතර ආණ්ඩුවකට යනවා ජනාධිපති ධුරය හා අගමැති ධුරය ලැබෙනවා නම් සුළුතර ආණ්ඩුවක් පිහිටවන්න සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 April 2022
පොලිස්පති ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ වලට අදාලව පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් හෙට (22) පෙරවරුවේ ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. 21 April 2022
මුව ආවරණ ඉවත්කිරීමේ තීරණය අත්හිටුවයි මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 21 April 2022
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 April 2022
‘‘අපට ණය දුන්න කිසිවකුටත් අසාධාරණයක් කරන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයන් තෝරා පත් කරගැනීමට දින 15-20 අතර කාලයක් ගතවිය හැකි බව බ්ලූම්බර්ග් රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය. 21 April 2022
ඩීසල් ටොන් 40,000 ක් එයි ඉන්දීය ණය යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට පෙරේදා (20) ළගාවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි. 21 April 2022
තෙල් මිල වැඩි කිරීම නීත්‍යානුකූල නෑ මුදල් ඇමතිගේ අවසර නොගෙන කළ ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 April 2022
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මූල්‍ය දත්ත මැකිලා පරිගණක මෘදුකාංග ගැටලුවක් නිසා සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2017, 2018 සහ 2019, වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණයවිය. 21 April 2022
වෙඩි වැදී මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියේය. 21 April 2022
කතරගම ප්‍රා සභා සභාපති - උප සභාපති ගුටි පොරයක කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා සහ එහි උප සභාපති ඩී වී ශාන්ත මහතා අතර ඊයේ රාත්‍රි 7.00 ට පමණ නගරයේ හෝටලයක් තුල හටගත් බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ උපසභාපතිවරයා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇතැයි පොලිසිය කියයි. 21 April 2022
ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඇමෙරිකාව පුරා කොවිඞ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 21 April 2022
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026