(ඉන්දිකා රාමනායක)
“උත්තර ලංකා සභාගයේ” නුවරඑළිය සමුළුව වෙනුවන් හගුරක්තෙන සංස්කෘතික ශාලාවේ සකස්කර තිබු වේදිකාවට පහර දී සැරසිලි කරමින් සිටි පුද්ගලයකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ සොහොයුරු සමගි ජන බලවේගයේ හඟුරක්කෙත ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රි ජයලත් දිසානායක මහතාගෙන් හගුරන්තෙක පොලිසිය අද (28) ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වු බවද පොලිසිය පවසයි.
එම පැමිණිල්ලට අනුව පොලිසිය කළ දැනුම් දීමකට අනුව අද දහවල් ජයලත් දිසානායක මහතා පොලිසිය වෙත පැමිණ බවත්, ඒ අනුව සිද්ධියට අදාල ප්‍රකාශ ලබා ගත් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර, මෙම සිද්ධියෙන් පහර කෑමට ලක් වු පුද්ගලයා සමග ඔහු පොලිසියේ සමථ වු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පහර කෑමට ලක් වු පුද්ගලයා මෙම සිද්ධිය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය නොවන බවට දැනුම් දීමෙන් පසුව පොලිසියේ දී සමතයට පත්ව ඇත.
මාර්ගයේ සැරසිලි කරමින් සිටි පුද්ගලයාට පහර දීම පිළිගන්නා බවත්, වේදිකාවට පහර දී එහි සැරසිලි කඩා දැමීමේ සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට ඔහු ප්‍රකාශ ලබාදුන් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සවිකර ඇති සී සී ටී වී කැමරා දර්ශන හා ඡායාරූප ඔස්සේ විමර්ශනය සිදුකරන බවද පොලිසිය පවසයි.
හගුරන්කෙත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හගුරක්තෙන පහර දීමට එස්.බීගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරයි
sharm warn Tuesday, 29 November 2022 09:35 AM
අඅ .. දැන්ම බලු පොරය පටන් අරන්ද?