මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 11 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දැනුම් දුන්නේය.