ගුවන් යානා ගැනීම කල් දාන්න - කෝප් කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කරනු ලැබ ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන්නැයි පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමේ ප්‍රධානීන්ට අද (25) උපදෙස් දුන්නේය. 25 April 2022
‘‘ශ්‍රී ලංකා ගුවන් සමාගම රටේ අර්බුදයක් දන්නේ නෑ‘‘ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කමිටුවට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය අද දින අප කැඳවුයෙමු. තීරණය ගන්නා විට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මෙතරම් දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු දැන නොසිටි බව කියා සිටියහ. 25 April 2022
තැපැලත් 28 වැඩවර්ජනයට එයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මේ මස 28 වැනිදා ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරීන් සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි. 25 April 2022
බහුතර බලය තියෙන්නෙ ආණ්ඩුවටයි පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය . 25 April 2022
‘‘මා ව්‍යාවස්ථාව කඩන්නේ නෑ‘‘ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී රාජකාරි බාර ගත් තමාට කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය විය හැකි කිසිම පියවරකට ඉදිරිපත් විය නොහැකි බව කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිතව දැනුම්දී තිබේ. 25 April 2022
අයි.එම්.එෆ් කොන්දේසි ගැන චීනය විමසිල්ලෙන් ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂය කුමක් වූවත් චීනය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අවධාරණය කළේය. 25 April 2022
රටේ අර්බුදය ගැන මන්ත්‍රීවරුන්ට පාඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා (27) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 25 April 2022
ආනයනකරුවෝ ජනතාවට සහන දෙන හැටි කියති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 25 April 2022
අමතර කොටස් නැතිව බස් රථ කොට උඩ බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (25) පැවසීය. 25 April 2022
‘‘ජනපති - අගමැති තනතුරින් යා යුතුයි‘‘ - විශේෂඥ වෛද්‍ය සංගම ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවිලන් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 25 April 2022
ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරු 120 ක් ඉන්නවා වර්තමාන ආණ්ඩුවට එරෙහි යන ස්ථාවරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 ක් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය. 25 April 2022
කොටස් වෙළඳපොළ ගණුදෙනු යළි අත්හිටුවයි මසක් ඇතුළත දෙවැනි වතාවටත් කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු අද (25) තාවකාලිකව අත්හිටුවන ලදි. 25 April 2022
කබ්රාල්ට රට යන්න බෑ ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා , ලබන ජූනි මස 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔහුට අද (25) සිතාසි නිකුත් කළේය. 25 April 2022
පක්ෂ නායක රැස්වීමක් කැදවන්නැයි සජිත් ඉල්ලයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට කටයුතු කිරිම සදහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 25 April 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ජනපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව එම කමිටුවේ ප්‍රධානීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (25) බාරදෙනු ලැබීය. 25 April 2022
28 වැනිදා දුම්රිය වර්ජනයක් ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 25 April 2022
ජීවන් තොණ්ඩමන් විශ්වාස භංගයට පක්ෂ වෙයි වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. 25 April 2022
රටේ කඩා වැටීමක් අත ළඟ - රනිල් අනතුරු අඟවයි මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 April 2022
රුපියල තවත් බාල්දු වෙයි ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 345 අගයක් දක්වා අද (25) පහළ වැටිණි. 25 April 2022
පවුල් ආරාවුලෙන් බිරිඳගේ ගෙලට පිහි පහරක් පවුලේ ආරාවුලක් මත වෑබොඩ - උතුර පුදේශයේ නිවෙසක් තුල ඊයේ (24) රාත්‍රියේ සැමියා විසින් සිය බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන මරා දමා ඇතැයි වැලිවේරිය පොලිසිය පවසයි. 25 April 2022
උද්ධමනයෙන් ශ්‍රී ලංකාව තෙවැනි තැනට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන දර්ශකයේ හයවෙනි ස්ථානයේ සිට තුන්වෙනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබෙනවා. 25 April 2022
’’විශ්වාසභංගයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන්’’ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 25 April 2022
අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ. 25 April 2022
මැක්රොන්ට යළිත් ජනවරමක් මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි. 25 April 2022
ඇමති හේරත්ගේ නිවෙසත් වටලති වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීය. 25 April 2022
විගණකාධිපති රටටම දුන් ආදර්ශය මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න මහතා ආයතනයේ තිබි පරණ වාහනයක් සිය රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු රාජ්‍ය සේවකයනට ආදර්ශනයක් දුන්නේය. 25 April 2022
පළාත් හයකට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2022
විදුලි කප්පාදුව පැය 3 කට අඩු කරයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (25) සිට 27 වැනිදා දක්වා දින තුනක් පැය 4 යි විනාඩි 30 කට නියමිතව තිබූ විදුලි කප්පාදු පැය 3 යි විනාඩි 20 කට අඩු කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 25 April 2022
නඩු භාණ්ඩ බාරකරු කොස්තාපල් එක්ක කුඩු ජාවාරමක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත. 24 April 2022
මාර්ග බාධක ගැන නීතිඥ සංගමය කනස්සල්නෙන් කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබූ ආකාරය දිස් වූ බවත්, එම තත්ත්වය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත ජනතාව බරපතල ලෙස තුවාල සිදුවිය හැකි තතත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. 24 April 2022
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026