(නිමන්ති රණසිංහ)
දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩුවකට රුපියල් කෝටි එකහාමාරක් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචා කර ඒවා ලොකු මිලගණන්වලට දේශීයව සහ විදේශීයව විකුණා ඇතැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (01) කරුණු වාර්තා කළේය.
මෙලෙස වකුගඩු ලබාදී වංචාවට හසුවූ අය අතර වයස අවුරුද්දක දරුවකුට කිරිදෙන මවක් ද සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් සදහන් කර සිටියේ, කොළඹ නගරයේ දිළිඳු පවුල් ඉලක්ක කරගනිමින් සිදුකෙරන මෙය ඡාලගත වකුගඩු ඡාවාරමක් බවත්, මේ වන විට වකුගඩු ලබාදී වංචාවට හසුවූ පුද්ගලයන් පස් දෙනකු තම කොට්ඨාසයට පැමිණීලි ඉදිරිපත් කර ඇති බවත් ය.
ඡාලගත වකුගඩු ඡාවාරම සදහා එම රෝහලට වකුගඩු දායකයින් සම්බන්ධ කර ඇත්තේ පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක බවත්, ඔවුන් දෙදෙනාට දිළිඳු පුද්ගලයන් යොමු කර ඇත්තේ බ්ලූමැන්ඩ්ල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවටත් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර වකුගඩු රෝහල ගැන විමර්ශනයක්
lalithm Friday, 02 December 2022 08:36 AM
හොස්පිටල් නම මොකද්ද, මෙවැනි අපරාධ වලට දඬුවම් නැද්ද.?
Sunil Friday, 02 December 2022 10:34 AM
මේ රෝහල තිබෙන්නේ බස්නාහිර පළාතේ...