(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකර බවත් පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම නිසා මේ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ තමා අතර මත ගැටුමක් පමණක් ඇති බව කී රත්නායක මහතා විදුලි කප්පාදුව නොසළකා හරින ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්දැ පොදු අපේක්ෂක වෙන්න ට්‍රයි කරනවා වත් ද ඊළඟ පාර?
මෙයාවත් ආණ්ඩුවට ගත යුතුයි.
මෙයත් උදේ කියන එක නෙවෙයි හවස කියන්නෙ . දේශපාලකයිනුත් රාජ්‍ය සේවකයනුුත් සේරම එකතුවෙලා කරන්නෙ ජනතාව රවටන එක. ජනතාව කරන්නෙ එක එක පක්ෂ බදාගෙන කඩේ යන එක. එතකොට හරි වැරැද්ද පේන්නෙ නෑ. ඉතිං රට හාන්සියි.
අපිත් ඔබ සමගයි. කොන්ද කෙලින් තියන් කතා කරන්න හැමෝටම බැහැ.