තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඉරාක ජාතිකයකු වන අල් කුරේෂි මියගිය බව නිවේදනය කරනු ලැබුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු ඕමාර් අල් මුහජීර් විසිනි.
නායක අල් කුරේෂිගේ මරණය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් අබු ඕමාර් අල් මුහජීර් පවසා නැත.
අයි.එස්. නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි, මියගිය බව ඇමෙරිකන් ආරක්ෂක අංශ ද පවසා ඇත. ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා ඇති ආකාරයට අල් කුරේෂි මියගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
ඇමෙරිකන් ආරක්ෂක අංශ අනුව අයි.එස්. නායකයා මියගොස් ඇත්තේ ‘නිදහස් සිරියානු හමුදාව’ සිරියාවේ ඩාර්ආ පළාතේ කළ වැටලීමකදී සිදුවුණු වෙඩි හුවමාරුවකදීය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි