ගෑස් මිල වැඩි නොකලොත් සැපයුම නවත්වන්න වෙයි ගෑස් මිල වැඩි කළේ නැතහොත් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇතැයි ද එම නිසා රජය ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය. 26 April 2022
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 April 2022
‘කුකුළු මස්-බිත්තරවලට වෙන දේ කියයි‘ සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා කුකුළු මස් කිලෝවක මිල ලබන ජුනි මාසය වනවිට රුපියල් 1500ක් දක්වාද බිත්තරයක මිල රුපියල් 45ක් දක්වාද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 26 April 2022
තනි තනිව තෙල් ආනයනයට, පනත වෙනස් කරන්න අවසර තෝරාගත් විශේෂ ක්ෂේත්රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 April 2022
මහින්ද-පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නෙ නැතුව යන්න තමන්ගේ පවුල වෙනුවෙන් බලය අල්ලාගෙන නොසිට අගමැතිධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයැයි සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 26 April 2022
ඩොලර්ය 350 සීමාවට ළං වෙයි ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 348 ලෙස අද (26) සටහන් විය. 26 April 2022
ජනතා හෘද සාක්ෂිය රනිල් රටෙි නායකයා විය යුතු බවයි රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බව අද රටේ බහුතරයකගේ හෘද සාක්ෂිය පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 26 April 2022
ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක වාස වීසා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට වසර 10ක කාලසීමාවක් දක්වා වාස (රෙසිඩන්ස්) වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 26 April 2022
භික්ෂු අණට හිස නමනු:තිස්සේ සත්‍යග්‍රහයක් ‘‘මහ නාහිමිවරුන්ගේ අදහසට හිස නමනු‘‘ යන මැයෙන් භික්ෂූන් වහන්සේ තිස්සමහාරාම වටරවුම අසල අද පෙරවරු කාලයේ සත්‍යග්‍රහයක නිරත වූහ. 26 April 2022
කොටස් වෙළඳපොල තාවකාලිකව වහයි කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම සියයට පහට වඩා වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. 26 April 2022
‘අගමැතිගේ සහයට මන්ත්‍රීවරුන් 124ක්‘ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් 124 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. 26 April 2022
විදුලි ගාස්තුත් ඉහළ දැමීමට අවසර ? විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. 26 April 2022
ට්විටර් මිලදී ගන්න මස්ක් සැරැසෙයි ලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම, බිලියනපතියකු ද වන ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ‘ටිව්ටිර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වෙයි. 26 April 2022
ගෑස් ටොන් 3600ක් එයි ගෑස් මෙට්‍රික්ටොන් 3600ක් සහිත නෞකාවක් කොළඹ වරායට අද (26) පෙරවරුවේ සේන්දු වන බව ලිට්රෝ සමාගම පවසයි. 26 April 2022
වැරදි තීන්දුවක් මුදල් ඇමැති පෙන්වයි නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 26 April 2022
ජනපති - අගමැති ඇතුළු පවුලේ අය විශේෂ සාකච්ඡාවක් රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 26 April 2022
වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් පළාත් ගණනාවකට අද (26) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 April 2022
ඉතාලියෙන් රුපියල් කෝටි 12 ක ඖෂධ ශ්‍රී ලංකාවට රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරිය පොරොන්දු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 26 April 2022
සජබ - හතළිස් එක හවුලක් අත ළඟ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය ලබාගැනීම සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර තීරණාත්මක හමුවක් අද (25) දහවල් පවත්වා ඇත. 25 April 2022
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මීනී පෙට්ටියක් පුළුස්සයි ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය. 25 April 2022
21ක මැති සබේට ගේන්න කැබිනට් අනුමැතිය දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය ලක්ෂණ ගෙන විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන්වීමට කැබිනට් මණ්ඩලය ඊයේ (25) තීරණය කර ඇත. 25 April 2022
හිටපු ජනපති ඇතුළු මන්ත්‍රී පහකට මල් වඩම් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය හිටපු ජනාධිපති ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගේ රුව ඇතුළත් කරමින් මල්වඩම් පහක් පොලොන්නරුව දීපඋයන ඉදිරිපිට තබා ඇති අයුරු ලංකා කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 25 April 2022
ලොව වයස්ගතම කත දිවි සැරියට සමු දෙයි ලොව වයස්ගතම කාන්තාව වූ ජපන් ජාතික කනේ ටනාකා මහත්මිය අද අභවප්‍රාප්ත වූවාය. 25 April 2022
සංචාරක සේවා සපයන්නන් විරෝධතාවක රටේ පවතින වත්මන් තත්වය හමුවේ සංචාරක කර්මාන්තයට වෙන බලපෑම්වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොල්ලුපිටිය සංචාරක අමාත්‍යංශය ඉදිරිපිටින් අද (25) ආරම්භ කෙරිණි. 25 April 2022
සිමෙන්ති රුපියල් 500 කින් ඉහළ දමයි සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 25 April 2022
අන්තරෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක් අන්තර් විශ්ව විද්‍යාල විසින් ගාලුමුවදොර දක්වා ඊයේ (24) සංවිධානය කර තිබු උද්ඝෝෂණයට පොලිසිය බාධා කිරීම ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය විසින් පොලිසියට එරෙහිව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (25) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 25 April 2022
ලිට්රෝ සමාගම ජනතාව අන්ඳවයි ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අද (25) නැවත ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද ඊයේ සැපයුම ක්‍රියාත්මක නොවීය. 25 April 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (25) ප්‍රතික්ෂේප කළේය. 25 April 2022
‘‘අන්තරේ විරෝධයෙන් දේපළ හානියක් නෑ‘‘ ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව ඉකුත් 24 සහ 25 වැනිදා යන දෙදින තුළ අන්තරේ සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතා ව්‍යාපාරයෙන් කිසිදු රාජ්‍ය දේපලකට හානිවීමක් හෝ සාමය කඩවීමක් සිදුනොවූ බව කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (25) ප්‍රකාශ කළේය. 25 April 2022
ඇත්ත දැනගන්න රෝමයේදී දිව්‍ය පුජා යාගයක් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී සිදුවූ දෙය තේරුම් ගන්නට ගෙන යන ප්රයත්නය සඵලමත් කරන්නැයි දෙවියන් වහන්සේට යාඥා කරන බව රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී අද (25) පැවති විශේෂ දිව්‍ය පූජා යාගයේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 25 April 2022
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026