(මුදිතා දයානන්ද)
ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
ඔහු තමන්ගේ වාහනයට අමතරව වෙනත් වාහනවලටද ඔහුගේ නමින් ඉන්ධන ලබාගෙන ඇති බවටද අනාවරණය වි තිබේ.
රාත්‍රි කාලයේදිත් දුරබැහැර ගමන් වලදිත් සුපර් ඩීසල් ලබාගැනිමේ අපහසුතා මතුවන නිසා බූලිවලට ඉන්ධන ලබාගත් නිසා මෙසේ ටැංකි ධාරිතාව ඉක්මවා ඇතැයි සමාගම් කළමණාකාරිත්වය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
එම විගණන වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අනුව රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුට එක් වාහනයක් සඳහා මසකට ලබාගත හැක්කේ ඉන්ධන ලීටර් 150ක් පමණක් වන නමුත් මෙම සභාපතිවරයා ඊට පටහැනිව රුපියල් 11,35, 748ක් වටිනා වැඩිපුර ඉන්ධන ලිටර් 8133ක් ලබාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ ඉදන් පහළට හැම තැනම ඉන්නෙ හොරු වංචාකාරයෝ. ලංකාව කවදාවත් හදන්න බැ.
ඕවත් වැඩද මල්ලිඕවත් වැඩද, මැදමූලන වැඩ කිඩ ගැන හොයා බැලුවද? බැංකු හොරා ගැන ඔෙහෙලා හොයා බැලුවද අම්මප හොයා බලුවද?
කරුණාකර මේවා පෞද්ගලික අංශයට භාර දෙන්න. මේවා අණ්ඩුව යටතේ තියාගත්ත කියලා කිසිම සුගතියක් නැහැ. හැමදාම පාඩුයි. මේවා නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල්වලින්. වෘත්තිය සමිති ලොක්කො සහ පාලක නිලධාරීන් දෙගොල්ලොම එකතු වෙලා හොරක්ම කරනවා.
මෙතන තොරතුරු ප්‍රමාණවත් නෑ... ලොකු දෙයක් හොයා ගත්තා වගේ දැම්මාට. මොකද බූලි වලට තෙල් ගහනවා නම් ටැංකියේ ප්‍රමාණයට වඩා බූලියටත් තෙල් ගන්න පුළුවන්. මෙතන බලන්න ඕන ගහපු තෙල් අනුව ගියපු දුර සැසඳෙනවාද කියලා. මාසෙට ලීටර් 150ක් වුණාට ඒ මාසය තුළ වෙනත් විශේෂ රාජකාරි යෙදෙනවා නම් ඔය 150 මදි වෙනවා... නම් ඒකට අනුමැතිය ගන්න ක්‍රමයක් තියෙනවා.
පට්‍රොල් ශෙඩ් හදන්න බලපත්‍ර දෙන්නෙ මන්ත්‍රිලට , තනිකරම මෙව රජය යටතේ තිබිමෙන් වාසි ලැබන්නෙ දේශපාලකය සහ නිලදාරිය , අපි පාඩුව පියවන්න බදු ගෙවනව , තෙල් බෙදා හරින්න ලොකයේ ප්‍රසිද සමගම් කිහිපයකට දුන්න නම් , මෙ ප්‍රශ්න මුකුත් නැහැ , හොදම උදාහරනය දුරකතන ඉස්සර විදුලිසන්දේශ දෙපර්තමෙන්තුව යටතේ තිබෙන කොට දරකතන ගන්න මන්ත්‍රිලගෙ චිට් ඔනෙ , දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔනෙම කෙනෙකුට ගන්න පුලුවන් තරගකාරී මිලකට
රජයේ සේවකයෙක් සම්බන්ධයෙන් මෙලෙස විගණන වාර්තාවක් ලැබුණොත් බරපතළයි... බලමු මේවට මොකද වෙන්නේ කියලා...
වර්නන් සහ සිල්වා මහත්වරු නිවැරදියි කියන්න පුළුවන්... ඩිස්ලයික් දැම්මත් නියමිත ප්‍රමාණයට වඩා අවශ්‍ය නම් අමතරව ගන්න අනුමැතිය අවශ්‍ය වෙනවා... ඒක හරි ඒ වගේම සිල්වා මහතා කියනදේ ඉතාමත් නිවැරදියි විජේතුංග ජනාධිපති තැපැල් ඇමැතිවරයා ලෙසට 1982 ට ආසන්න කාලයේ දුරකථන සේවය දියුණුවට කටයුතු කළා. එයට පෙර ඇමතුමක් ගැනීමට තිබුණු අසීරුතාව කියා නිමකරන්න බැහැ...
ශ්‍රී ලන්කන් එක පුද්ගලික අංශය යටතේ පාලනය වෙනකොට ලාබ ලබන්නත්, ආණ්ඩුවෙන් පාලනය වෙනකොට පාඩු ලබන්නත් හේතුව වෘත්තීය සමිති සහ පාලකයන් යන දෙගොල්ලන්ම ගසාකාපු එක... වහාම මේවා විකුණන්න සිදුවෙනවා. රට දිනෙන් දින බංකොළොත් වෙනවා.
සිපෙට්කෝ වෘත්තීය සමිතියත් පෞද්ගලීකරණයට සහාය දෙනවා
Who is the culprit ??