IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට

(මුදිතා දයානන්ද)

ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

ඔහු තමන්ගේ වාහනයට අමතරව වෙනත් වාහනවලටද ඔහුගේ නමින් ඉන්ධන ලබාගෙන ඇති බවටද අනාවරණය වි තිබේ.

රාත්‍රි කාලයේදිත් දුරබැහැර ගමන් වලදිත් සුපර් ඩීසල් ලබාගැනිමේ අපහසුතා මතුවන නිසා බූලිවලට ඉන්ධන ලබාගත් නිසා මෙසේ ටැංකි ධාරිතාව ඉක්මවා ඇතැයි සමාගම් කළමණාකාරිත්වය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

එම විගණන වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අනුව රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුට එක් වාහනයක් සඳහා මසකට ලබාගත හැක්කේ ඉන්ධන ලීටර් 150ක් පමණක් වන නමුත් මෙම සභාපතිවරයා ඊට පටහැනිව රුපියල් 11,35, 748ක් වටිනා වැඩිපුර ඉන්ධන ලිටර් 8133ක් ලබාගෙන තිබේ.

 



අදහස් (11)

තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට

Perera Friday, 02 December 2022 07:24 AM

උඩ ඉදන් පහළට හැම තැනම ඉන්නෙ හොරු වංචාකාරයෝ. ලංකාව කවදාවත් හදන්න බැ.

:       0       36

C.K.Lankaputhra Friday, 02 December 2022 07:41 AM

ඕවත් වැඩද මල්ලිඕවත් වැඩද, මැදමූලන වැඩ කිඩ ගැන හොයා බැලුවද? බැංකු හොරා ගැන ඔෙහෙලා හොයා බැලුවද අම්මප හොයා බලුවද?

:       25       20

de silva Friday, 02 December 2022 08:51 AM

කරුණාකර මේවා පෞද්ගලික අංශයට භාර දෙන්න. මේවා අණ්ඩුව යටතේ තියාගත්ත කියලා කිසිම සුගතියක් නැහැ. හැමදාම පාඩුයි. මේවා නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල්වලින්. වෘත්තිය සමිති ලොක්කො සහ පාලක නිලධාරීන් දෙගොල්ලොම එකතු වෙලා හොරක්ම කරනවා.

:       1       25

මරිසිපාලFriday, 02 December 2022 12:13 PM

සිල්වා මැතිතුමා මුන් එහෙම කරන්නෙ නැහැ මොකද ගසාකෑමට ක්‍රමයක් නැතිවෙන නිසා ඒත් කියාවි රට අනාරක්ෂිත වෙනවා කියලා ඇත්තටම පුද්ගලික අංශයට දෙන්න ඕන කරන්න තියෙන්නෙ ගැටලුවක් ඇතිනොවීමට අදාලව ප්‍රබල ගිවිසුමක් ඇතිව පුද්ගලික කිරීමයි

:       1       10

vernon Friday, 02 December 2022 04:06 PM

මෙතන තොරතුරු ප්‍රමාණවත් නෑ... ලොකු දෙයක් හොයා ගත්තා වගේ දැම්මාට. මොකද බූලි වලට තෙල් ගහනවා නම් ටැංකියේ ප්‍රමාණයට වඩා බූලියටත් තෙල් ගන්න පුළුවන්. මෙතන බලන්න ඕන ගහපු තෙල් අනුව ගියපු දුර සැස‍ඳෙනවාද කියලා. මාසෙට ලීටර් 150ක් වුණාට ඒ මාසය තුළ වෙනත් විශේෂ රාජකාරි යෙදෙනවා නම් ඔය 150 මදි වෙනවා... නම් ඒකට අනුමැතිය ගන්න ක්‍රමයක් තියෙනවා.

:       6       1

de silva Friday, 02 December 2022 04:23 PM

පට්‍රොල් ශෙඩ් හදන්න බලපත්‍ර දෙන්නෙ මන්ත්‍රිලට , තනිකරම මෙව රජය යටතේ තිබිමෙන් වාසි ලැබන්නෙ දේශපාලකය සහ නිලදාරිය , අපි පාඩුව පියවන්න බදු ගෙවනව , තෙල් බෙදා හරින්න ලොකයේ ප්‍රසිද සමගම් කිහිපයකට දුන්න නම් , මෙ ප්‍රශ්න මුකුත් නැහැ , හොදම උදාහරනය දුරකතන ඉස්සර විදුලිසන්දේශ දෙපර්තමෙන්තුව යටතේ තිබෙන කොට දරකතන ගන්න මන්ත්‍රිලගෙ චිට් ඔනෙ , දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔනෙම කෙනෙකුට ගන්න පුලුවන් තරගකාරී මිලකට

:       0       28

ranjith Friday, 02 December 2022 04:42 PM

රජයේ සේවකයෙක් සම්බන්ධයෙන් මෙලෙස විගණන වාර්තාවක් ලැබුණොත් බරපතළයි... බලමු මේවට මොකද වෙන්නේ කියලා...

:       0       14

සුරංග Friday, 02 December 2022 05:01 PM

වර්නන් සහ සිල්වා මහත්වරු නිවැරදියි කියන්න පුළුවන්... ඩිස්ලයික් දැම්මත් නියමිත ප්‍රමාණයට වඩා අවශ්‍ය නම් අමතරව ගන්න අනුමැතිය අවශ්‍ය වෙනවා... ඒක හරි ඒ වගේම සිල්වා මහතා කියනදේ ඉතාමත් නිවැරදියි විජේතුංග ජනාධිපති තැපැල් ඇමැතිවරයා ලෙසට 1982 ට ආසන්න කාලයේ දුරකථන සේවය දියුණුවට කටයුතු කළා. එයට පෙර ඇමතුමක් ගැනීමට තිබුණු අසීරුතාව කියා නිමකරන්න බැහැ...

:       0       3

de silva Friday, 02 December 2022 05:54 PM

ශ්‍රී ලන්කන් එක පුද්ගලික අංශය යටතේ පාලනය වෙනකොට ලාබ ලබන්නත්, ආණ්ඩුවෙන් පාලනය වෙනකොට පාඩු ලබන්නත් හේතුව වෘත්තීය සමිති සහ පාලකයන් යන දෙගොල්ලන්ම ගසාකාපු එක... වහාම මේවා විකුණන්න සිදුවෙනවා. රට දිනෙන් දින බංකොළොත් වෙනවා.

:       1       6

M.O.A.Careem Friday, 02 December 2022 11:58 PM

සිපෙට්කෝ වෘත්තීය සමිතියත් පෞද්ගලීකරණයට සහාය දෙනවා

:       0       1

MAP Hemachandra Saturday, 03 December 2022 06:30 AM

Who is the culprit ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site