
(චාපා මධුභාෂිණි)
මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ සහල් කිලෝ 21240ක් සත්ව ආහාර සැකසීම සඳහා ලොරි රථයකින් කදුරුවෙල සිට කුලියාපිටියට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මින්නේරිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
අදාල සහල් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයේ රියැදුරා සහ රිය සාහායකයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කදුරුවෙල සහල් මොලකින් මෙම සහල් තොගය පරණ සහල් බව හඟවා කුලියාපිටියේ කුකුල් ගොවිපොළකට රැගෙන යන බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
මෙම සහල් තොගය අලෙවි කළ බව කියන කදුරුවෙල මෝල් හිමියා සහ මිලට ගත් බව කියන කුලියාපිටියේ කුකුළු ගොවිපොල හිමියා ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් සමග කවර 550ක හසුරා තිබූ මෙම සහල් තොගය වැඩිදු පරික්ෂණය සඳහා පොලොන්නරුව නව නගර පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එච්.ටි.සී.සී. කුමාර මහතාට බාරදුන් බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන්න හොඳ හාල් කුකුලන්ට දෙන්න ගෙනිහින් මාට්ටු