(චාපා මධුභාෂිණි)

මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ සහල් කිලෝ 21240ක් සත්ව ආහාර සැකසීම සඳහා ලොරි රථයකින් කදුරුවෙල සිට කුලියාපිටියට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මින්නේරිය පොලිස් මාර්ග බාධකයේදී  අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.

අදාල සහල් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයේ රියැදුරා සහ රිය සාහායකයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

කදුරුවෙල සහල් මොලකින්  මෙම සහල් තොගය පරණ සහල් බව හඟවා කුලියාපිටියේ කුකුල් ගොවිපොළකට රැගෙන යන බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.

මෙම සහල් තොගය අලෙවි කළ බව කියන කදුරුවෙල මෝල් හිමියා සහ මිලට ගත් බව කියන කුලියාපිටියේ කුකුළු ගොවිපොල හිමියා ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් සමග  කවර 550ක හසුරා තිබූ මෙම සහල් තොගය වැඩිදු පරික්ෂණය සඳහා පොලොන්නරුව නව නගර පාරිභෝගික අධිකාරියේ  ජ්‍යෙෂ්ඨ නිලධාරී එච්.ටි.සී.සී. කුමාර මහතාට බාරදුන් බව පොලිසිය පවසයි.