(සිසිර කැලේගම)

පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි.

පොල්පිතිගම සිට හිරිපිටිය මාර්ගය දක්වා දිවෙන මාවත අයිනේ පූගොල්ලාගම වෙල්යාය සීමාවේ ගමන් ගත් තැනැත්තියකට බිළිදෙක් අඩන ශබ්දය සොයා බැලීමේදී මෙම දරුවා දැක ඇත.

ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් බිළිදිය බේරාගෙන පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණි.

රෙදි කැබැල්ලකින් ඔතා දමා ගොස් සිටි බිළිදිය නිසි ලෙසට පිරිසිදු කර නොතිබුණි. මේ නිසා රෝහල් කාර්යය මණ්ඩලය යුහුසුලූව දරුවා පිරිසිදු කිරිමීට පියවර ගත්තේය.

කිරි නොමැතිව කුස ගින්න හමුවේ හඩා වැටෙන අවස්ථාවේ දී පොල්පිතිගම පොලීසියේ  කාන්තා පොලිස් කොස්තාපල්  පී. සුරේකා හා දන්ත වෛද්‍ය නදීශානි නිමන්තිකා කළඹුල්ල මහත්මිය එක්ව වරින් වර මවුකිරි දීමට කටයුතු කළහ.