(ඉන්දිකා රාමනායක)

මාවනැල්ල පොලිස් ස්ථානය තුළ එහි රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචන කියා ලිංගික අතවර කළ හමුදා සෙබළකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු  තවත් පුද්ගලයකු සමග මාවනැල්ල පොලිසියට පැමිණි සිටියදී එහි එහි දොරටුවේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරිය ඔවුන්ගෙන් පැමිණී කාරණය විමසීමේ සැකකරුවන් කිසිත් නොකියා පොලිස්ථානය වෙත ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් යළිත් කොස්තාපල්වරිය රැදී සිටි මුරකුටිය අසලට ගොස් හමුදා සෙබළා ඇයට අසෙන පරිදි ඇය සම්බන්ධකර ගනිමින් සෙසු පුද්ගලයට පිළිකුල් සහගත අසභ්‍ය වචන බැන වැදී ඇති බවද පොලිසිය පවසයි.

කොස්තාපල්වරිය කළ පැමිණිල්ලක් අනුව සැකකාර හමුදා සෙබළා පොලිස් භූමිය තුළ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (2) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.