(අංජුල මහික වීරරත්න)
මොනරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් මෙලෙස වගා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ඉඩම් වගා කටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර අර්බුදය ඉදිරියේදී නෙවෙයි..., දැනටම පටන් අරන්... මොවුන් වගේ ජාතියක්... දැන් ඉඩම් මංකොල්ල කන්නේ ආහාර අර්බුදය විකුණලා... තියන ඉඩම්වල වගාවන් කරන්න අවශ්‍ය පහසුකම් නොදී අලුත් ඉඩම් සුද්ද කරන්නේ ගස් ටික කපලා පස් ටිකත් සොරාගන්න නෙවෙයි කියලා කියන්නකෝ බලන්න... අපි කැට තියලා කියන්නම්...
ගංජා වවනවද? ඒකට ඉඩක් දෙන්න එපා...