
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ජීවත් වීමට අධික ජීවන වියදමක් දැරීමට සිදුවන නගර අතර පළමු වෙනි ස්ථානයට පත් වීමට සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය සමත්ව ඇති බව ඉකොනොමිස්ට් පුවත්පතේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශය ඊයේ (01) නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
මෙම නගර තුළ ජීවත් වන්නන් ඉහළ ආදායමක් ලැබීමත් ශක්තිමත් විනිමය අනුපාතයක් තිබීමත් හේතුවෙන් මෙම රටවල් දෙක ප්‍රථම ස්ථානයට පැමිණීමට සමත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
නමුත් මෙම දර්ශකයේ නිව් යෝර්ක් නගරය ප්‍රථම ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර සිංගප්පූරු නගරය පළමු වෙනි ස්ථානයට පැමිණි 8 වන අවස්ථාව මෙය වේ.
මෙම සමීක්ෂණයට රටවල් 172 ක් ආශ්‍රිතව නිෂ්පාදන 200ක මිල ගණන් 400ක් ආශ්‍රයෙන් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඉකුත් අගෝස්තු 16 වෙනිදා සිට සැප්තැම්බර් 16 වැනිදා දක්වා මෙම සමීක්ෂණය සිදුකර ඇත.
රටවල් 172 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන අතර ඉන්දියාවේ බැංගලෝර් නගරය සහ කොළඹ නගරය දර්ශකයේ 161 වෙනි ස්ථානයට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩ මිල පමණක් නොවෙයි ප්‍රවාහනය සදහාත් අධික මුදලක් වැය කරන්න වෙනවා කොළඹ 3,4,5 ප්‍රදේශවල බොහෝ මාර්ග වන්වේ කරල තියෙන්නෙ ඉතින් පිට ප්‍රදේශවල කෙනෙක් වාහනයකින් ආවොත් නිකරුණේ ඉන්ධන විශාල ලෙසට වැය කරන්න වෙනවා ගූගල් මැප් බොහෝවිට වැරදි මාර්ග තමයි පෙන්වන්නෙ මාර්ගය වැරදි ගූගල් මැෆ් බලන්න හෝ මාර්ගය අසා ගැනීමට නැවැත්වීම කලොත් පාකින් ටිකට් ගන්න වෙනවා මේවා ආරක්ෂක කටයුතු වෙනුවෙන් කරනවා වෙන්න පුළුවන් නමුත් හරිම අපරාධයක් කියන්න පුළුවන්