(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් 44000ක් මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභා පති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

2021 උසස් පෙළ විභාගයට සිසුන් 283616 දෙනකු පෙනී සිටි අතර ඉන් සිසුන් 171497 දෙනකු විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ලබා තිබෙන බව ද සභාපතිවරයා කියයි.

විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා සිසුන් 91115 දෙනකු ඉල්ලුක් කර තිබූ බව ද ඒ අතරින් සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 41228 දෙනකු තොරාගෙන ඇතැයි ද සම්පත් අමරතුංග මහතා කියයි.