
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කර තිබේ.
විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවට සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත්ව සිටිති.
එහි සෙසු සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය ඇතුළත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට වියදම් කරන පැත්තට හෝයියා වෙන තීන්දුවක් ලැබෙයි.
ඹොරුවට කමිටි දාන්න නම් එපා මොකද ක්‍රිකට් වල වුන දේවල්, වෙමින් පවතින දේවල්, ඉදිරියට වෙන්න යන දේවල් සියල්ල දන්නෙ දැන් ක්‍රකට් වලට අරක් ගෙන සිටින සර්ව බලධාරී දෙවියන්......