(අංජුල මහික වීරරත්න)
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.
මෙම සමාගම වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසූ අතර එහිදී සදහන් වූ කාරණා සැලකිල්ලට ගනිමින් එකී කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගම අසදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම විසින් ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොම්පෝස්ට් කියා වැලි දුන් සමාගම ’’බ්ලැක් ලිස්ට්’’
සුරංග Friday, 02 December 2022 11:58 AM
අපි කොම්පෝස්ට් කුඹුරට දමද්දී ඒවා වැව්වලින් ඉවත්කල රොන්මඩද කියලා හිතුනා ඒවායේ තිබුන සමහර කැට තනිකරම පස්ගුලි තමයි මෙහෙම කලොත් කාලයක් යනවිට කුඹුරු ගොඩ ඉඩම් වේවි.
de silva Friday, 02 December 2022 12:02 PM
බ්ලැක් ලිස්ට් කරලා මදි. අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව නඩු පවරලා අවුරුදු 10 කටවත් හිරේ අරින්න ඕනි. කරපු වංචා නිසා ලංකාවේ මිනිස්ස්ු විශාල කාලෙකට කාබනික පොහොර මිලදී ගන්නේ නැහැ.
කෝරළගේ Friday, 02 December 2022 12:37 PM
ලොකුම හොරු තමයි ඉන්නේ. මේ සෙට් එක තාමත් රට හොරා කකා ඇමැතිකම් දැරුවනේ?