
(ඩයනා උදයංගනී)
අතරමැද පන්ති සඳහා 2022 වසර වෙනුවෙන් සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන ලබන 5 වැනි දින සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම 2022 වසරේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර් තු 24 දිනෙන් පසු පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙන් සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකරනඅතර, 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම් තුමනි. මා, රජයේ ජාතික පාසල් ගුරුවරියක වෙමි. සේවා කාලය අවු 23 කි. දරුවන් තිදෙනකු සිටින අතර එක් දරුවකු ශිෂ්‍යත්වය 5 සමත් වි ජාතික පාසලකට ඇතුලත් විය. අනෙක් දරුවන් තවම පලාත් පාසලක ඉගෙනුම ලබයි ඒ දෙදෙනා හට තවම ජාතික පාසලකට ඇතුලත් කරගත නොහැකි විය. ඒ අවස්ථා සියල්ල ස්ථාන මාරු වීම් වලදි මග හැරුනි. මුළු සේවා කාලයම ගත කලේ ජාතික පාසල් වලයි. එහෙත් අපගේ දරුවන් ඇතුලත් කර ගැනීමට විශේෂ අවස්ථාවක් දිය යුතුයි නේද ?මේ ගැන බොහෝ සේ කණගාටු වෙමි. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.