
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දෙන යුරියා මෙට්‍රික් ටොන් 9000ක් සහිත නැව අද (2) උදේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද (2) රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම හෙට දින (03) සවස සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමක දී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.
මෙම බණ්ඩි පොහොර තොගය නිලවශයෙන් බාර ගැනීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ලබන 5 වැනිදා පස්වරු කොළඹ වරායේ දී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම සහනාධාර දෙන්න තරම් අසරණ තැනකට වට්ටපු රටක් තව තියෙනවද මේ ලෝකෙ..? එහෙම කරලා තව පුරාජේරු කියවද්දී... ඔවුන්ගේ තුට්ටු දෙකට යට වෙලා රෙදිත් නැතුව ඔවුන්ටම කඩේ යන ටිකකුත් හැදීගෙන එනවා...