IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මැතිවරණ කොමිසම ආණ්ඩුවේ නාඩි වැටෙන හැටි බලන් ඉන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙි නාඩි වැඩ කරන්නේ කොහොමදැයි මැතිවරණ කොමිසම බලා සිටීම නිසා එම ඡන්දය නොපවත්වා සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් ආණ්ඩුවෙන් නැති බවට  ජනාධිපති පාර්ලිමේන්තුවට කිව යුතු බවද දිසානායක මහතා කීය.

මාර්තු මාසේ 20 වැනිදාට පෙර අලුත් පළාත් පාලන ආයතන පිහිටුවිය යුතු බවද එසේ නම්  දෙසැම්බර් හෝ හෝ ජනවාරියේ නාමයෝජනා නිකුත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා පැවසීය.

මැතිවරණය පැවැත්වීම ගැන නීතිපතිගෙන් විමසමින් සිටිය යුතු නැති බවද මැතිවරණය පැවැත්වීමට කොමිසමට බලය තිබෙන බව ද කී අනුර දිසානායක මහතා කොමිසමට හෙට වුණත් නාමයෝජනා කැදවීමේ ගැසට් පත්‍රය නිකුත් කළ හැකි බවද කීය.



අදහස් (7)

මැතිවරණ කොමිසම ආණ්ඩුවේ නාඩි වැටෙන හැටි බලන් ඉන්නවා

Saththaya Friday, 02 December 2022 01:19 PM

ජනතාවගේ බඩගින්න පසෙකින් තබා, ඉක්මන් බලයට කෑදර අනික් කෙනා. ෆයිල් පෙන්නල තමා එකම සුදුසුකම ඉස්සරහට දාන්නේ. මෙච්චර රටට මුදල් අවශ්‍ය වෙලේ ඉක්මන් කරලා නඩු දාලා ඒ මුදල් රටට අරන් දෙන්නේ නැත්තේ ඇයි? අනික මේ කට්ටිය දේශපාලනය කරන්නේ, ජීවත් වෙන්නේ කොහොමද කියලා රටට ඉස්සෙල්ලා පෙන්නුවා නම් තමයි යහපත්...

:       169       12

Sanath Friday, 02 December 2022 02:30 PM

එලඹෙන ඕනෑම මැතිවරණයකදී ජනතාව ජාතික ජන බලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරවීමට පෙළගැසෙමින් සිටිනවා. ඒ නිසයි ආණ්ඩුව මැතිවරණ පවත්වන්න මේ තරම් බය​...

:       9       94

Lanka Friday, 02 December 2022 02:07 PM

මූලිකව මේ රටේ හොරකම්, දූෂණ නිසා අද අපි අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ..., බලයට එන්න කෑදරකමට නිකන් අනුන්ට මඩ ගහනවා, අපහාස කරනවා... ඒවා ඇරෙන්න මෙයාට මොනවද කරන්න පුළුවන්? බලයට හීනෙන් හරි ආවත් කෝ සැලැස්මක් තියෙනවාද? කටවල් නම් තියෙනවා

:       162       7

NalakaFriday, 02 December 2022 02:33 PM

අනිත් අය සැලැස්මක් ඇතිව කරපු ටික මදැයි. හැබැයි තමන්ගේ හොර නඩේට බලේ ඕනෑ වෙනකොට කොරෝනා අස්සෙත් ඡන්දෙ තියාගත්තා. බලේ නැතිකොට ප්‍රජාතන්ත්‍ර වගේ මතක් වෙන, බලේ තියෙන කොට ඒක පේන්න බැරි අමුතුම සිස්ටම් එකක් මේක....!

:       3       115

NissanakaFriday, 02 December 2022 02:33 PM

මෙතුවක් රට පාලනය කරපු අයගේ හොරමැරකම් දූෂණ​, වංචා රටට එළිකළේ අනුර දිසානායක නෙවෙයිද​? රට ගොඩනගන වැඩ පිළිවෙල ගැන ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා. ඔයාලා බලන නාලිකාවල ඒවා පෙන්නන්නේ නෑ...

:       6       266

SUNIL MILANO Friday, 02 December 2022 02:26 PM

මේ අපතයන්ගෙ නාඩි කියල ජාතියක් තියනවද? මුන්ට කෑ ගහන තරමට සාක්කු පිරෙනව රට බංගස්ථාන වෙනව පුළුවන් එකෙක් ඉන්නවනම් කියන්න.

:       5       6

Bamunuarachchi Friday, 02 December 2022 06:49 PM

හලෝ ඔහේ කරන්නෙත් ඒ ටික නේද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site