(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරීන්ගේ (සී.අයි.ඕ) නාමාවලියක් සකස් කිරීමට අයදුම්පත් කැඳවන බවත් ඒ සදහා සුදුසුකම් ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නිලධාරීන්ට මේ මස 30 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) පැවසීය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන්ට ඉහළ ඉල්ලුමක් ඇතිකිරීමේ අරමුණින් ප්‍රධාන නිර්ණායක 12ක් යටතේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරීන් තෝරාගැනීමට නියමිත බව කී හෙට්ටිහේවා මහතා සුදුසුකම් සපුරන ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරීන්ගේ තරගකාරිත්වයක් ඇතිකිරීමෙන් තොරව ලැයිස්තුවක් සකස් කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිගණක සංගමයේ වෙබ් අඩවියට පිවිස අදාල නිලධාරියා, ඔහු සේවය කරන ආයතනය හෝ මිතුරකුට හෝ මේ සඳහා අයදුම් කළ හැකි බවත් එහිදී තමන් අදාල ආයතනයේ දරණ තනතුරු නාමය අදාල නොවන බවත් සී.අයි.ඕ. නාමාවලි ව්‍යාපෘතියේ ප්‍රධානි ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා කීය.
එම අයදුම්පත් ඉතාමත් උසස් වෘත්තිය සුදුසුකම් සහිත මෙන්ම ජ්‍යෙෂ්ඨ මණ්ඩලයක් මගින් තෝරාගැනීමට නියමිත බව කී සමරසිංහ මහතා පැවසුවේ ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කරගැනීම සඳහා එම විනිශ්ච මණ්ඩලයේ නම් හෙළි නොකරන ලෙස උපදෙස් ලැබී ඇති බව ද සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd