(චමින්ද වැවතැන්න)
නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පැවසීය.
අරණායකබොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි එක්දරු මවක මෙසේ මියගොස් ඇත.
ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මවගේ සැමියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාට ද කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබේ.
ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක් සමග මසකට රුපියල් 3850 ක මුදලකින් ජීවත් වෙමන් සිට තිබේ.
ජීවත් වීමට නොහැකි වීම හෙතුවෙන් වයෝවෘද්ධ බිරිද දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව මරණ පරීක්ෂණයේදී සැමියා වන සයිමන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිට 74 ක් වුනහම සාමාන්‍ය මිනිස්සුන්ට වයෝවෘද්ධ කියන්න පුලුවන් වගේ වයෝවෘද්ධ මහින්ද රාජපක්ශ ,වයෝවෘද්ධ රනිල් වික්‍රමසිංහ කියහන්කෝ..
Need to pay sufficient allowance for elderly(above 60 or 65 years) people withno proper income and disabled/handicapped only. All other movements such as Samurdhi should be abolished.
සමහරවිට මෙයාලත් කන්න නැතත් ඉන්න රටක් තියෙන්නෙ ඕනෙ කියල චන්දය ගහන්න ඇති. දැන් රගේ පේනවනෙ වෙලා තියෙන දේ.
මේ පටන්ගත්ත විතරයි.
කන්න තියෙනදේ අර රැකියාවක්වත් නොකරන සාටක පවුලේ හැත්ත බුරුත්තම හොරාකාළා, විනාශ කරලා තියෙද්දී තව මොනවා කන්නද? කාපල්ලා ආරක්ෂා කරන්න කියලා... රට හොරෙක්ට බාරදුන්නා....
යමක් කමක් ඇති හැකි අයටත් වරින්වර 5000 ගනනෙ බෙදාදෙනවා මෙහෙම අසරණයින්ට කාගෙවත් පිහිටක් නැහැ රට පෙරට සව්භාග්‍යයේ දැක්ම ආසියාවේ ආශ්චර්‍ය ඉන්න හිටින්න රටක් කොහොමද කියලා පේනවා නේද .ඇත්තටම ගමේ ග්‍රාම නිළධාරි සමුර්ධි නිළධාරින් සමාජ සේවා නිළධාරින් හා වැඩිහිටි කටයුතු නිළධාරින් හා වැඩිහිටි සමිති මොනවාද කරන්නෙ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු මොකද කරන්නෙ පදුරක් ගානේ සිටින නිළධාරින් දේශපාලුවො ජනතා මුදලින් වැටුප් හෝ දීමනා අරගෙන මොකද කරන්නෙ අහෝ අසරණ මවට නිවන්සැප ලැබේවා.
රටේ මුදල් සාටක කණ්ඩායම එළිපිට හා රහසේ හොරකම් කොට රට මේ ආගාධයට ඇද දැමුවා. මේ නූගත් හොර නඩය අල්ලා රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට වැඩ පිළිවෙලක් දියත් කරන්න තවමත් නොහැකි වූ සැටි....