සජබ පා ගමන මාවනැල්ලෙන් ගලිගමුවට
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදවලට එරෙහිව මහනුවරින් ආරම්භ කළ පා ගමනේ දෙවැනි දිනය මාවනැල්ල නගරයේ ප්රධාන බස් නැවතුම්පලින් ආරම්භ වී ගලිගමුවෙන් අද අවසන් කෙරිණි.