සජබ පාගමන තෙවැනි දිනයේ ගලිගමුවෙන් ඇරඹේ
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව මහනුවරින් ආරම්භ කළ පා ගමනේ තෙවැනි දිනය ගලිගමුව නගරයේ ආරම්භ වුණේ පළමු සහ දෙවැනි දිනයේ සිටි පිරිස ඉක්මවා යන අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිවය.