
(සනත් ගමගේ)
විදෙස් සංචාරකයින් 481 දෙනෙක් රැගත් AZAMARA QUEST මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද (05) උදේ ලඟා විය.
ගෝලීය කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට සංචාරක මගීන් රැගන පැමිණි දෙවන නෞකාව මෙය වේ.
කොළඹ වරායේ සිට හම්බන්තොට වරායට පැමිණි සංචාරක මගී නෞකාවෙන් ගොඩ බට විදෙස් සංචාරකයින් යාල ජාතික උද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවන, හා හම්බන්තොට තංගල්ල සංචාරක හෝටල් කිහිපයකට පිටත්ව ගියහ.
හම්බන්තොට ජාත්‍යාන්තර වරායට පමිණි සංචාරකයින් යාල , උඩවලව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචාරක කටයුතු සඳහා රැගෙන යෑම සිදු කරන බව සංචාරක මඟ පෙන්වන නිළධාරී ජයන්ත විජේතුංග මහතා කීය.
කොළඹින් පසුව හම්බන්තොටට පැමිණි නෞකාවේ සංචාරක මගීහු දවස පුරාම මෙම ස්ථානවල සංචාරක කටුයතු වල නියැලෙන බව ජයන්ත මහතා කීය.
නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ සිට ඉන්දුනීසියාවේ සබාන් වරාය බලා අද (05) රාත්‍රීයේ පිටත්ව යෑමට නියමිතව ඇත.


2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘අසමාරා ක්වෙස්ට්‘‘ හම්බන්තොට වරායට