
(විමුක්ති එස් රුද්‍රිගු)
ටෙක්සාස්හි වාසය කළ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් 15 වැනිදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තමාගේ නිවසේ ආලින්දයේ රයිෆලයක් අතැතිව සිටි රාජන් හට ඔස්ටින් පොලිසිය එම ගිනි අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් වෙඩි තබා ඝාතනය කළ බව මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවත් ඔහු තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායෙකු බවත් විදෙස් මාධ්‍ය පැවසුවේය.
ඉකුත් නොවැම්බර් මස 15 වැනිදා අලුයම රාජන් නිවසට පැමිණි අවස්ථාවේ නිවසට සොරුන් පැන ඇතැයි සැකයක් මතු වීම හේතුවෙන් රයිෆලයක් රැගෙන ආලින්දයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පැමිණි ඔස්ටින් පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් රයිෆලය බිම තබන ලෙස පවසමින් රාජන්ට වෙඩි තැබූ බව ඥාතීන් පැවසූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ගිනි අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් ඉක්මණින් වෙඩි තැබුවේ ඇයිදැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය යැයි රාජන්ගේ මව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය.
මෙම වෙඩි තැබීම ඉකුත් නොවැම්බර් 15 වැනිදා අලුයම 12.30 ට පමණ සිදු වූ බවත් 911 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් මත ඔස්ටින් පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිය බවත් ඔස්ටින් පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය. පුද්ගලයෙකු තම නිවස තුළට සහ වීදිය දෙසට ගිනි අවියක් එල්ල කරමින් සිටින බවත් එම පුද්ගලයා ඔහුගේ නිවසට වෙඩි තැබූ බවත් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පැවසූ බව ඔස්ටින් පොලිසිය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.
රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇත්තේ ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා බවත් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසුවේය. ඩැනියෙල් රාජන් හට ගිනි අවිය බිම දමන ලෙස අනතුරු අඟවා ඇති අතර ඇඟවූ විගස ඔහුට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇතැයි ඔස්ටින් පොලිසිය පෙන්වා දුන්නේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කෙරෙන බවත් ඉකුත් නොවැම්බර් 15 වැනිදා වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූ රාජන් බේරා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සහ කළත් එය අසාර්ථක වූ බව ඔස්ටින් පොලිසිය පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමරිකන් පොලිස් වෙඩි පහරින් ලාංකිකයෙක් මරුට
Senarath Monday, 05 December 2022 12:58 PM
මේ තමයි සමහරු මහ ලොකුවට කතාකරන ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය...!
පිටිගල මිලානෝ Monday, 05 December 2022 02:00 PM
ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවටත් ලංකාවටත් වඩා භයානක සහ අනාරක්ෂිතය. බෙහෝ ලාංකිකයින්ට සෞඛ්‍යය රක්ෂනය ගෙවාගන්න බැරි නිසා ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගතකරයි. චාටර්ම ලාංකිකයෝ ගොඩක්ම ඉන්නේ නිව්යෝර්ක් වල ස්ටැටන් අයිලන්ඩ් වලයි. එහෙ ඉන්න හරිහමන් ජීවිතයක් නැති බේබදු ඩන්ඩි මිස් ශ්‍රි ලංකා තරගයට පැමිනි බොහෝ අයට පහරදී එලවා දැම්මා. මෙහි ලාංකිකයෝ බිබී සිංදු කියමින් කාලය ගතකරනවා. ලංකාවට එන්නේම නැහැ.
namal-newyorl Monday, 05 December 2022 04:20 PM
මෙතැන කරුණු දන්නේ නැතිව මෝඩ විදිහට මිනිස්සු ඇමරිකාවට බනිනවා. මේ පුද්ගලයා පොලිසිය ඉද්දී තමන්ගේ ගෙදරට වෙඩි තියනවා. ඇමරිකාවේ තුවක්කු ගන්න අයිතිය තිබුණාට තමන්ට ඕනේ විදිහට එවා පත්තු කරන්න බෑ. තමන්ට ජීවිත හානියක් නැතිනම්... පොලිසිය එද්දී කෙනෙක් හේතුවක් නැතිව තුවක්කුවක් මිනිස්සු ඉන්න ප්‍රදේශයක පත්තු කිරීම ඒ පොලිස් නිලධාරියාගේ ජීවිතය අනතුරේ හෙලීමක්...
namal-newyork Monday, 05 December 2022 04:23 PM
මිලානො නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා... ඇමෙරිකාවේ නාසා එකෙත් විශ්ව විද්‍යාලවලත් ලාංකිකයින් ඉන්නවා... ඉතාලියේ ගෙවල්වල පිරිසිදු කරන, රස්සා කරන අය ලෝකයේ හොඳම රටක් ගැන උපදෙස් දෙන්න එනවා. ඇමරිකාවේ දුප්පත් කෙනෙකුට රක්ෂණය ගන්න බැහැ කියලා ඔයාට කිව්වේ කවුද...?
sudantha Monday, 05 December 2022 04:32 PM
ඇමරිකාව කියන්නේ ලොකයේ ජීවත්වීමට සුදුසුම වැඩිම ගණනක් වසරකට සංක්‍රමණය වෙන රට... වැඩිම ලාංකික ඩයස්පෝරාව ඉන්න ඇමරිකාවේ.. වැස්සකට ඇමෙරිකාවට නොගිය මිනිස්සු ඇමරිකාව ගැන චරිත සහතික දෙන්න එනවා...