ගාස්තුව වැඩිවීමෙන් පාරිභෝජනය අඩු වෙයි ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ සියයට 25 කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 10 August 2022
පළාත් කීපයකට මද වැසි තත්ත්වයක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2022
22 අද මැති සබයට විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. 10 August 2022
ලක්විජය තාප විදුලි බලාගාරයේ කොරෝනා පොකුරක් නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි කල්පිටිය සෞඛය වෛද්‍යය නිළධාරි කාර්යාලය සදහන් කරයි. 09 August 2022
ජන අරගලයට ගෞරව දක්වන්නැයි පුරවැසි ආඥාවක් වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා අද (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය. 09 August 2022
කෙටි ධාවන ශූර හිමාෂට වසර 4 ක තහනමක් ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ. 09 August 2022
කෝටියක් වටිනා රත්තරං තොගයක් සමග යුවළක් කටුනායකදී දැලේ රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි හ්‍රී ලාංකික විවාහක යුවළක් අද (9) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 09 August 2022
කොවිඩ් මරණ තවත් 6 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) පස්වරුවේ තහවුරු කළේය. 09 August 2022
‘කොවිඩ්’ ආසාදිතයෝ 214 ක් ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 214 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 09 August 2022
කොටහේනේ මහ දවල් කොල්ලයට කාන්තාවෝ දෙකක් ඇතුලු 4 ක් මාට්ටු කොටහේන, බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවස ඊයේ (8) කොල්ලකෑමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 09 August 2022
මරණ තර්ජන ගැන මන්ත්‍රීවරුන් දෙදෙනකුගෙන් කතානායකට පැමිණිලි මරණීය තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ (9) වරප්‍රසාද ප්‍රශ්න මතු කළහ. 09 August 2022
අඳුරේ අතගෑවොත් වෙන දේ ජනපති තේරුම් අරගෙන අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇතැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)පැවසීය. 09 August 2022
‘යුවාන් වැන්ග් 5’ සිද්ධියට පොහොට්ටුවත් මැදිහත් වෙලාලු ශ්‍රී ලංකාව අතීතයේ සිට පවත්වාගෙන ආ නොබැදි විදේශ ප්‍රතිපත්තිය තව දුරටත් ආරක්ෂාකරගැනීමට වර්තමාන පාලකයන් කටයුතු කළ යුතු බවත් චීනයට අයත් ‘යුවාන් වැන්ග් 5’ නෞකාව සම්බන්ධ සිද්ධියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා බලපෑම් කළේ නම් එය හෙළා දකින බවත් ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද (9) පැවසීය. 09 August 2022
තහනම් බඩු ගමන් මල්ලේ ගෙනාවොත් වැඩවරදී ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති භාණ්ඩ ගමන් මළුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් රේගු උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥාා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 August 2022
සතොස සේවකයින් දේශපාලන වැඩට යොදාගත්තැයි ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නේය. 09 August 2022
සිසුවාගේ මාරයා ඔන්චිල්ලාවෙන් එයි පාසල් භූමියේ මිතුරන් පිරිසක් සමඟ ඔන්චිල්ලාවක් පදිමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු අද පෙරවරුවේ එයින් බිමට වැටී මියගොස් ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි. 09 August 2022
ඉදිරි මාස හතරේදී ජනපතිට අමාත්‍යාංශවලට මුදල් වෙන්වන්නේ මෙහෙමයි පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩිවී ඇත. 09 August 2022
අපොස උසස් පෙළ දෙසැම්බර් මාසයේ උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය. 09 August 2022
විදුලි සේවක බෝනස් අත්හිටුවයි විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බවත් එසේ නොවුණ හොත් විදුලිබල මණ්ඩලය ආයනයක් ලෙස කඩාවැටීමේ අවධානයක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවැසීය. 09 August 2022
ආයෝජකයන්ට මාර්ගත වීසා නිර්දේශ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. 09 August 2022
ජපන් රැකියාවලට යන්න පාසල් අවදියේම භාෂා පුහුණුව මෙරට දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 August 2022
ජනාධිපතිට අමතක වූ දෙයක් මුජුබුර් මතක් කරයි රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 August 2022
කිරිඇල්ල ජනාධිපති ගැන ආඩම්බර වෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 09 August 2022
පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන සාමාන්‍ය නීතිය අනුව පියවර ගන්න බෑ පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 August 2022
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව (committee of selection) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9) පත් කරනු ලැබීය. 09 August 2022
අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට ඉදිරි මාස හතරේ රජයේ වියදම් සඳහා වන අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබිය. 09 August 2022
ප්රජාතන්ත්රවාදය රැක්ක හමුදාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 August 2022
පාර්ලිමේන්තුවට යන්න කලින් සජබ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක ආණ්ඩුව මහජන විරෝධතා මර්ධනය කරන බව කියමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසල අද විරෝධතාවයක් කළහ. 09 August 2022
රට ගොඩනැගීමට ඕනෑකමින් කැපවිය යුතුයි බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 09 August 2022
දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 09 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026