IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මගින් 30 වැනි වරටත් සංවිධානය කළ, ‘ජාතික අපනයනකරුවන්ගේ සම්මාන උළෙල’ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී  පැවැත්වුණු අතර, එහිදී 2022 වසරේ මෙරට හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ ව්‍යාපාරයට අයත්, ‘ලාෆ්ස් කෝපරේෂන් (රබර්)’ සමාගමට හිමිවිය.

ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චින්තක වෑගපිටිය මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා අතින් එම සම්මානය ලබාගත් අයුරු.

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති අජිත් ජයවර්ධන මහතා ඇතුළු එහි නිලධාරීහු සහ ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගමේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ටයර් සහ උපාංග අංශයේ රන් සම්මානයද ලාෆ්ස් රබර් සමාගමට එහිදී හිමිවිය. ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ද මෙම සම්මාන උත්සවයට එක්ව සිටියේය.

 



අදහස් (4)

හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ

Ane Anichchan Monday, 05 December 2022 09:57 PM

මුන්ට අමු කැවිල. එක කහ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ නැහැ.

:       0       11

Kumar (Gulf) Tuesday, 06 December 2022 02:59 AM

මේ තමයි ඩොලර් හොරු.

:       0       12

සන්ක Tuesday, 06 December 2022 02:36 PM

මෙයා බිලියන ගානක් බැංකුවට පොලු තියලා.ඉතින් මොන සම්මානද?රටට දෙය්යන්ගෙම පිහිටය්.

:       0       7

Perera Wednesday, 07 December 2022 04:19 AM

හොරු විසින් පාලනය කරන හොරු වෙනුවෙන් දේශය...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1561 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1362 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site