(මනොප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබාදී එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (05) දින නියම කළේය.
පැමිණීල්ලේ නඩුව අවසන් කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.
2013 අගෝස්තු මස 06 වැනිදාත් 18 වැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට මුදා හළ රුපියල් ලක්ෂ 50ක මුදලක් එම ගිණුමට බැර නොකොට සිලෝන් ප්‍රීමියර් ස්පොර්ට්ස් (සී.එස්.එන්) ගිණුමට බැර කොට එම රුපියල් ලක්ෂ 50ක මුදල සාවද්‍ය පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ හිටපු අමාත්‍ය ආචාර්්‍ය නාලක ගොඩහේවා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධක්ෂක රොනී ඊබ්‍රාහිම් නමැත්නන්ය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කරන්න ට්‍රයි කරන්නේ මහත්මා දේශපාලනයක්. ප්රබුද්ධ දේශපාලනයක්.
විත්ති කරුවෝ අනිවාරයෙන් නිදහස් වෙනවා. ලංකාවේ කවද්ද තෝරු මෝරු හිරේ ගියේ.