බලශක්ති ඇමැති දැඩි තීරණයක ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් දැනට ප්‍රවාහනය කරන සියයට 40 ක ඉන්ධන ප්‍රමාණය සියයට 100 ක් දක්වා ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහන කිරීමට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ. 01 May 2022
දරුවාට බෙහෙත් නැතැයි මුහුණු පොතේ දැම්මාට පහරදීලා ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවාට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි. 01 May 2022
‘‘ජනතාව දුක් විඳිද්දී ගෙදරට වී ඉන්න බෑ‘‘ රටම මහා අභාග්‍යයකට මුහුණ පා අවස්ථාවක දේශපාලනඥයන් දජනතාවගේ පැත්ත ගත යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු දිනයේ දී තමන් ද පාරට බැස්සේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2022
පාකිස්තානයේ පැය 18 ක් විදුලිය කැපෙනවා ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 18 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 01 May 2022
එජාප මැයි රැළියෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(1)පැවසීය. 01 May 2022
පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 01 May 2022
සජබ රැළිය කැම්බල් පිටියෙන් ඇරැඹෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. 01 May 2022
‘‘ජනපතිට යැවූ ලිපියේ අත්සනෙහි ගැටළුවක් නෑ‘‘ වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති. 01 May 2022
‘‘ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ‘‘ පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ලියාපදිංචි සංගමයක් ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (1) පැවසීය. 01 May 2022
රනිල් - අලි සබ්රි හමුවක් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ. 01 May 2022
කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම විවිධ වෘත්තීය සමිති, කම්කරු සංවිධාන විසින් ද මැයි දින පෙලපාලි සහ මැයි රැලි ගණනාවක් සංවිධානය කර තිබේ. 01 May 2022
ඉන්දියාවට පනින්න හැඳූ තවත් 13ක් මාට්ටු යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයන් 13 දෙනකු සහ බෝට්ටු 2 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2022
සෙබළ බිරිය ගිනි අවි සමග මාට්ටු කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළකුගේ ගෙවත්තේ වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 May 2022
මුහුදුපත්ලෙන් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් නයාරු මුහුදු තීරයේ බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රවය යොදූ කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇත. 01 May 2022
යුක්රේනයට ආයුධ දෙන්න එපා යුක්රේනයට අවි ආයුධ සහ යුද්ධෝපකරණ දීමෙන් වළකින්නැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් යළිත් වරක් ඇමෙරිකාවෙන් සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. 01 May 2022
බස් - ත්‍රිරෝද රථ ගැටී තුනක් මරුට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසල දී අද අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් තිදෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 01 May 2022
අද සවස තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2022
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලින්ගේ කෝටි 7ක් අත්හිටුවයි ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 01 May 2022
ගෑස් නැතිව පාර වහලා ගෑස් සිලින්ඩර මිල දී ගැනීම සඳහා පිලියන්දල පුවක්ගස් හංදියේ ගෑස් අලෙවි සලක් අසල රැඳී සිටි පිරිසකට ගැස් නොලැබෙන බව වෙළඳසැල් හිමියා දැනුම් දීමත් සමගම ප්‍රකෝප වූ පාරිභෝගිකයන් හොරණ - කොළඹ මාර්ගයේ පිලියන්දල පුවක්ගස් හංදියෙන් වසා විරොධතාවක නිතර විය. 30 April 2022
රජය රසායනික පොහොර සහන මිලට දෙනවා රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 30 April 2022
ඉන්ධන ප්‍රවාහනයට අලුතින් බවුසර් ලියාපදිංචියට ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දී තිබේ. 30 April 2022
ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයක ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි 30 April 2022
'හොරෙන් රට පැනීම සියයට තිහකින් වැඩිවෙලා' ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද සියයට 30කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති. 30 April 2022
රසායන පොහොර සඳහා මිල සූත්‍රයක් රසායනික පොහොර ආනයනය කරන සමාගම් සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය . 30 April 2022
නව අමාත්‍යවරුන්ගේ විෂය පථ ගැසට් කරයි පසුගියදා පත්කෙරුණු අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 30 April 2022
’එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර විකල්පයක් නෑ’ එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී [29] මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. 30 April 2022
බොරලැස්ගමුවේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලකට අද (30) පෙරවරුවේ ගින්නක් ඇතිව තිබේ. 30 April 2022
ගුවන් හමුදා නියමුවන්ට එතෙර වැඩි ඉල්ලුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ මෙහෙයුම් කටයුතුවලට යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ. 30 April 2022
අගමැතිට ඉවත් නොවන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීම් නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ. 30 April 2022
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙ.. 01 January 2026