(නිමල කොඩිතුවක්කු)
පුළුවන් නම් ආණ්ඩු බලයක් නැතිව ජනතාවට වැඩ කර පෙන්වන්නැයි විපක්ෂයේ සිට තමන් ජනතාව වෙනුවෙන් සිදුකරන සේවයට සමච්චල් කරන පිරිසට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සක්වල, හුස්ම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට සමාජයේ සිටින සුළු කොටසක් තමන්ට චොදනා කරන බවත් 74 වසරක මෙරට දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ඉටු කළ සාම්ප්‍රදායික කාර්යභාරයෙන් එහාට ගොස් ජනතාවාදී වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට සමගි ජනබලවේගයට හැකි වූ බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 42 වන සක්වල වැඩසටහනට යටතේ රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා බස් රථයක් දැරණියගල සිරි සමන් විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
විපක්ස නායක තුමාට මේ සල්ලි ලැබෙන්නේ කොහොන්ද කියල අපට කියනවද ප්ලීස්. ඩේසි ආච්චි මැනික් මල්ලක් වත් දාලා ගියාද?
රාජපක්ෂලගේ ජොලිය දැන් ඉවරයි. මහජනතාව පුදුම සතුටකින් ඉන්නේ. දැන් යන්නේ රනිල්ගේ ජෝගිය. හොදම ජොලිය තියෙන්නේ සජිත් හරි අනුර හරි ආවම. මුන් එකෙක්ටවත් රට හදන තියා, රට තියෙන තැන ගැනවත් අවබෝදයක් නැහැ. විවේචකයෝ විතරයි. ඒකෙන් තාම මාද්‍ය පොරවල් තාම මේ රටේ චුන් කාරයන්ට වුෂණ කෝෂ, කැලණියේ නයා, කොවිඩ් පැණි තාම විකුනනන්නේ. වුෂණ කෝෂ බද්ද කරන්න තාම ලෝකයේ තාක්ෂණයක් වත් නැහැ.
මෙතුමාටත් අභියෝගයක් දුන්නානේද පුලුවන්නම් අරගෙන කරලා පෙන්නන්න කියලා.
මාරයි, නාටක මාරයි. තවම සිමෙන්තියි, ටකරන් ශීටුයි නම් ලැබුනේ නැහැනේ...
අභියෝගය බාරගන්න තිබුණු ආර්. ප්‍රේමදාස ජනපති කාලේ තමන් නුවරඑළිය තුරඟ පිටියට යාබද වටිනා ඉඩම් නොමිළේ අත්පත් කරගෙන කානේෂන් ඇතුළු මල් වවා එයාර් ලංකා ගුවන් සේවයෙන්ම ජපානය ඇතුළු රටවලට පටවා කෝටි ගණන් ආදායම් බදු නොමැතිවම පරම්පරා ගණනකට හරි යන්න හම්බ කළා වගේ අනිත් අයටත් බලගතු තාත්තලා හිටියා... නම්...!
හැමෝම එහෙමයි.. බලය නැතිවෙලාවට බලයට එන්න ඕනෑම දෙයක් කරනවා. හැබැයි ජනතාවට මේ වෙලාවේ ඕකත් වටිනවා.
බොහෝ දෙනාගේ මතය නම් සංස්කෘතික අරමුදලෙන් වැයවෙනවා කියලා... ඒ ගැන පැහැදිලි කිරීමක් කෙරුවොත් නම් සුද්දයි.
ඔබතුමා යන මාර්ගය හරි නොසැලී නිහතමානීව රටට හැකි පමණින් වැඩ කරමින් ඉදිරියට යන්න ජනතාවගේ බලාපොරොත්තුවත් එයයි.
පිස්සු කරන්න එපා හලෝ... ආණ්ඩු බලයක් නැතිව ජනතාවට වැඩකර පෙන්වන්නේ කොහොමද? කෝ ප්‍රතිපාදන...?
මොනවා හරි යහපත් දෙයක් කරනවා නම් අගේ කළ යුතුය. දේශීය 25න් බහුතරයක් ජනතාවට යමක් දෙනවා වෙනුවට හොරකම් කරලා තමන්ගේ බඩ වඩාගන්න අය...
පාසල් වලට බස් ලබාදීම රෝහල් වලට අඩුපාඩු ලබාදීම හොඳ දෙයක්.