(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරණ ආනන්ද ඉ ජයකොඩි)

හිටපු ජනපතිනියගේ  ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ දේහය අද  (06) පස්වරු 4.00 ට පමණ ඔහුගේ වේයන්ගොඩ පත්තලගෙදර පිහිටි  නිවසේ  බාල්කයක එල්ලෙමින් තිබියදී හමු වූ බව   වේයන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ චමින්ද රාජකරුනා  42  නැමති  දෙදරු පියෙකි

පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කරනු පරීක්ෂණයකදී සැරයන්වරයාගේ  දේහය නිවසේ එල්ලෙමින් තිබියදී හමුවී ඇත. ඔහු ගේ අත් අකුරින් ලියූ බවට සැකකරන කුඩා ලේඛනයක් ද ලේඛනයක් ද හමු වූ බව පොලීසිය සඳහන් කරයි

මෙසේ මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයා මාස තුනකට පමණ ඉහතදී   පැහැර ගැනීමකට ලක්ව අතුරුදහන්ව සිටී බව ද පොලිසිය සඳහන් කරයි .