
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීම සහ රාජ්‍ය සම්පත් විකිණීම ඇතුළු රජයේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (6) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
එහිදී විදුලිබල සේවකයෝ රජයට දැඩි විරෝධය යොමු කරමින් විවිධ පාඨ සටහන් කළ පුවරුව රැගෙන විරෝධය දැක්වූහ
එමෙන්ම වරාය ඉඩම් කුණුකොල්ලයට විකිණීම ඇතුළු රජයේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් වරාය එකාබද්ධ වෘත්තිය සමිති සංධානය කොළඹ කොටුව ඔරලෝසු කණුව ඉදිරිපිට අද (6) පස්වරුවේ විරෝධතාවක් පැවත්වීය.
වරාය ඉඩම් හා සේවා විකිණීම වහාම නැවැත්වීම, වරාය සේවක විශ්‍රාම ගැන්වීමේ වයස කප්පාදු කිරිම වාහාම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මූලික කරරැනෙ වරාය ඉදිරිපිටදි සටන් පාඨ සටහන් කළ පුවරු රැගෙන සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
ආ මේක ජෙප්පන්ගේ විරෝද තාවයක්. මොකෝ ජෙප්පෝ බලයට ආවයි කියලා නිෂ්පාදන වියදම අඩුවෙනවාද? ජෙප්පන්ට විදුලිබිල අඩු කරන්න පුලුවන්ද? විදුලි බිල ඉහල දමන්නත් එපානම් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් ලෙස විකුනන්නත් එපානම් දවසට පැය 8 කළුවරේ ඉඳපල්ලා වෙන මොනවා කරන්නද? පෞද්ගලික අංශයට ගියොත් සේවකයින්ට ලැබෙන OT අඩුවෙනවා වැටුප් අඩු වෙනවා කොටින්ම නිෂ්පාදන වියදම අඩුවෙනවා. කැමතිනම් ඉඳපල්ලා බැරිනම් පලයල්ලා කියන තත්වයට පත්වෙනවා. එකයි මොවුන්ගේ විරෝධතාවය. 1977 ඉඳන් කුමබලා මලු කාවානම් වින්දවපන් බළලෝ කියමින් ඉන්න වෙනවා. පාරේ ටිකක් කෑගහලා පලයල්ලා.
පාරට බැහැලා වැඩක් නැහැ. මිනිස්සුන්ට වැඩියෙන් වැඩ කරන්න උනන්දු කරන්න. අපිට දූෂිතයන් පලවා හැර සටන ජයගත හැකියි. ජයවේවා.
ඇයි කෙලින්ම දාන්න බයද ජේ.වී.පී සේවකයෝ කියලා. මුන් තමයි ආයතන වල වැඩකරන්න දෙන්නේ නැත්තේ. මුන් ගෙදර යැව්වොත් ආයතනය දියුණු කරන්න පුළුවන්.
ඉතා හොඳයි රටේ සම්පත් විකුණ විකුණා කරන්න දේශපාලුවෝ ඕනි නෑ.